
ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරග සඳහා දශකයේ කණ්ඩායම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (27 වැනිදා) නිවේදනය කරන ලදි. ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වත්මන් නායක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද දශකයේ කණ්ඩායම් වලට තෝරාගනු ලැබ සිටිති.
කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් පිලට ඇතුළත්ව සිටින අතර ලසිත් මාලිංග දශකයේ එක්දින කණ්ඩායමට මෙන්ම දශකයේ විස්සයි-20 කණ්ඩායමටද ඇතුළත් වී සිටී.
වසර 2010 සිට 2020 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අතුරින් ඒ ඒ කණ්ඩායම් සඳහා යොදාගත හැකි හොඳම ක්‍රීඩකයන් 11 දෙනා දශකයේ ක්‍රිකට් කණ්ඩායම් වලට තෝරා ගන්නා ලදි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තේරීම් මණ්ඩලයක් විසින් මෙම කණ්ඩායම් තෝරා ගන්නා ලදි.
ඉන්දීය පිලේ වත්මන් නායක විරාට් කෝලි දශකයේ කණ්ඩායම් තුනටම ඇතුළත්ව සිටින අතර දශකයේ ටෙස්ට් පිලේ නායකයා ලෙසින් තෝරාගෙන ඇත්තේද විරාට් කෝලිය. ඉන්දීය පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි දශකයේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වල නායකයා ලෙසින් තෝරාගෙන ඇත.
එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, ඉන්දියාවේ රෝහිත් ෂර්මා, දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් සහ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් කණ්ඩායම් තුනෙන් දෙකකට ඇතුළත්වී සිටිති.
දශකයේ ටෙස්ට් කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල)
ඇලිස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි (නායකයා), ස්ටීව් ස්මිත්, කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන්.
දශකයේ එක්දින කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල)
රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාට් කෝලි, ඒ. බී. ඩිවිලියර්ස්, සකිබ් අල් හසන්, මහේන්ද්‍ර සිං දෝනි (නායකයා), බෙන් ස්ටෝක්ස්, මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඉම්රාන් තාහීර් සහ ලසිත් මාලිංග
දශකයේ විස්සයි-20 කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල)
රෝහිත් ෂර්මා, ක්‍රිස් ගේල්, ඒරන් ෆින්ච්, විරාට් කෝලි, ඒ.බී.ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි (නායකයා), කිරන් පොලාර්ඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා සහ ලසිත් මාලිංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්..!!!