
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයනට ලබාදුන් ඉන්ධන නිසි ලෙස නොලැබුණැයි කියමින් සෞඛ්‍ය සේවකයෝ පිරිසක් පොළොන්නරු පොලිසියට සහ කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට එරෙහිව රෝහල ඉදිරිපිට විරෝධතාවක් නිරත වූහ.
සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා දීමේදී පොලිසියෙන් සහ සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සේවකයන් සිදුකරන මෙම අසාධාරණයට එරෙහිව පොළොන්නරු මහරෝහලේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයන් පවසන්නේ තම සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලෙන් වෙන්කර ලද පෙට්‍රල් ලීටර් 2500ක් ප්‍රමාණයක් එම කළමනාකරු විසින් සොරා ගත් බවයි.
තම සෞඛ්‍ය සේවාවන් නිසි පරිදි සේවයට යෑමට ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙසද විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලීමක් කළහ.
පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයින්න් සිදු කරන මෙම විරෝධතාවය නිසා පොලොන්නරුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු දැඩි අසීරුතාවට පත්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාට රැකියාවට එන්න ඉන්ධන දෙනවා කියලා ඇපොයින්ට්මන්ට් එකේ තියෙනවද? එහෙම නැතිනම් මෙයාලා ඉල්ලන්නේ නීති විරෝධී දෙයක් නේද? මෙයාලගේ ඉල්ලීම මෝඩ ඉල්ලීමක්...
මොකක් හරි අල්ලන් මුන් හැමදාම ස්ට්‍රයික්. ඒත් පඩිය හරියට දිනේටඔන. හෙන ගහන්න ඔන මුන්ට
මෙන්න බොලේ කසල ශෝධකටත් එයාගේ BMW එකට ඉන්ධන නැහැල්ලු....
සුව සේවක රැල අන්තරයට බැඳිල වගේ. ජන පීඩකයන් බවට පත්වෙලාද....