(යොහාන් භාසුර)

සෞඛ්‍ය වෘත්තීයවේදීන් නවවැනි දිනටත් ක්‍රියාත්මක කරන වර්ජනය ස්ථිරව නැවැත්වීමට නම් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේ තොරතුරු විකෘත්ති කර මාධ්‍යයට නිකුත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සද්භාවයෙන් සාකච්ඡා නොකරන බවත් රවී කුමුදේශ් මහතා කීය.

වැඩවර්ජනය තව දුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව අද පස්වරුවේ තීරණය කරන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.