
(රංජන් කස්තුරි)
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15න් කපාහැර තිබේ.
රාජ්‍ය වියදම් කලමනාකරණය සහ පාලනය කිරීම යටතේ අතිකාල සහ අමතර දීමානා සියයට 15කින් කපා හරින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මීට අමතරව රෝහල් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්යාල ඉදිරිදා දිනවල වසා තබන ලෙසත් ආරක්ෂක, පිරිසිදු කිරීම් සඳහන වියදම සියයට 10කින් අඩුකරන ලෙසත් එම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
තවද සෞඛ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මසකට ලබා දෙන නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින 5කට සීමා කළ යුතු බව ද එහි සඳහන් වේ.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අනවශ්‍ය විදුහිල පහන් නිමාදමන ලෙසත් ජලය, ඉන්ධන, දුරකතන, ලිපිද්‍රව්‍ය භාවිතය අවම කරන ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.
වැඩසටහන්, සම්මනත්‍රණ වැඩමුළු, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකිය යුතු බව ද අත්‍යශවශ්‍ය නම් ඊට සෞඛ්‍ය ලේකම්ගේ පූර්ව අනුමැතිය ලබගත යුතු බව ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් මුලින්ම කරන්න තියෙන්නේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ සියලුම දීමනා, වරප්‍රසාද අඩුකරන එක...
හොඳ වැඩක්... ඇයි ඕක විදුලි බල මණ්ඩලයට කරන්නේ නැත්තේ..? ඒකෙත් ඉන්නවා ලොකු පඩිකාරයෝ...!
ඔච්චර වියදම් අඩුකරන්න ඕනෑ නම් රෝහල් ටික වහලා දැම්මා නම් ඉවරයිනේ...!
අතිකාල දීමනා කපන්නේ නම් එපමණ කාලයක් අතිකාල රාජකාරිවලින් බැහැර වී සිටිමු...
පිටරටවල මළගෙවල්වල රස්තියාදු ගහන්න..., නිදහස් උත්සව පම්පෝරි ගහන්න..., ජනරජ පෙරහැරවල් පවත්වන්න බුරුතු පිටින් ඇමැතියන් පත්කර ගන්න සල්ලි එකතු කර ගන්න එපෑයැ...
තව ජනරජ පෙරහැරක් කරන්න සල්ලි ඉතුරු කරනවා.
ඡන්දේ තියන්න සල්ලි නෑ කියලා පෙන්වන්න කරන කාලකන්නි දේශපාලන ගේම් මේවා...!
හරි එහෙනම් අපි අමතර රාජකාරි නෑ. රනිල්ට ඇවිත් රෝහල් බාරගන්න කියන්න.
ඔක්කොම වියදම් කපලා දාලා මාසයක් ගානේ ජනරජ පෙරහැරවල් තිබ්බා නම් හරි.. එතකොට ඔක්කොම ප්‍රශ්න ටික විසඳෙනවා.
හොඳ වැඩක්...!
ලෙඩ්ඩුන්ට කාගේ සරණක්ද? ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. දොස්තරලා නෑ. ඉතුරු වුණු දොස්තරලා හෙදියන් ටිකත් රට දාලා යන තැනට වැඩ කරනවා. පහුගිය ඡන්දෙන් තමන්ව පරාජය කරපු හින්දාද මිනිස්සුන්ගෙන් මෙච්චර පලි ගන්නේ...?
දොස්තරලා, හෙදියෝ, කාර්මික නිලධාරීන් වගේ පුහුණු සේවකයෝ රට හැර යාමට පාරද මේ කපන්නේ?
පාරට බැහැලා මරාගෙන මැරිලා හරි හොර, තක්කඩි දේශපාලු පාලකයින්ව එළවන්න කාලෙ ඇවිල්ලා...
ලෝකයට ණයවෙලා රට බංකොළොත් කරලා තවත් ණය සොච්චමක් ගන්න IMF කියන ඔක්කොම කරනවා. මේ විදිහට මේ රටට නායකයෝ මොකටද? IMF එකට මේ රට බාරදුන්නානම් ඉවරයිනේ...
බොහෝම හොඳ තීරණයක්. සුළු සේවකයින් කෙසේවෙතත් බහුතරයක් තරුණ වෛද්‍යවරු ලක්ෂ ගණන් අතිකාල ගන්නේ තනිකරම හොරට. නිකමට හිතලා බලන්න සෑම වෛද්‍යවරයෙක්ගේම පුද්ගලික මධ්‍යස්ථානයක්ම අඩුම උදේ 8 වෙනකන් සහ සවස 4 සිට 9 වෙනකන් තියෙනවා නම් සහ සේවා මුරයකට නම් වැඩ කරන්නේ, කොහොමද මාසෙට පැය120ක් අතිකාල ගන්නේ? දන්ත වෛද්‍යවරු සති අන්තෙත් නිවාඩු. සවස 2න් පස්සේ රෝහලේත් නෑ. ඒ වුණාට පැය 120ක් රුපියල් ලක්ෂයක් හොර අතිකාල ගන්නවා. මෙච්චර රෝගීන්ට බෙහෙත් නෑ, කෑම වේලට බිත්තරක්වත් නෑ. හැබැයි එක සෞඛ්‍ය සේවකයෙක්වත් (බහුතරයක් වෛද්‍යවරු) හොරට අතිකාල ගන්න එක නවත්තලා නෑ. 225ටම බැනලා වැඩක් නෑ මිත්‍රයා. ඔක්කොම එකම බෝට්‍ටුවේ හොරු තමයි. එකම වෙනස මිනිස්සු මෙයාලගේ හොරකම් ගැන දන්නේ නැහැ...
සෞඛ්‍ය, අධ්‍යාපන වියදම් කපලා තව පෙරහැර දෙක තුනක් තිබ්බා නම් හරියටම හරි....!
ආරක්ෂක, පිරිසිදු කිරීම් වැඩවලට හමුදාව දාන්න බැරිද?
සුන්දර ශ්‍රි ලන්කා