(යොහාන් භාසුර)
සෞඛ්‍ය ලේකම්වරයා වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට සහ ඉල්ලීම් 6කට දීර්ඝ කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15ක් අද පෙරවරු 7ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.
මෙම සංකේත වැඩ වර්ජනය හෙට උදෑසන 7.00 දක්වා ක්‍රියාත්මක වන බවත් 50 000ක පමණ වෘත්තීයවේදීන් පිරිසක් ඊට සහභාගී වන බවත් රවි කුමුදේශ් මහතා කීය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් , ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිළධාරීන් ඇතුළු සියළු අතුරු වෛද්‍ය සේවා නිළධාරීන් සහ හෙද වෘත්තිකයින් සහභාගී වෙන මෙම වර්ජනය සදහා වෘත්තීය සමිති 15ක් ඒකාබද්ද්ව කටයුතු කරයි.
මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රොහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය ක්‍රියාතමක නොවන අතර, හදිසි, අත්‍යාවශ්‍ය හා ජීවිත ආරක්ෂණ සේවා සැපයීමට විධිවිධාන සපයා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු වර්ජනය පටන්ගන්නකොටම මේ වැඩ වර්ජන ක්‍රමයට තිත තියන්න අවශ්‍ය නීති නොපැනවීමේ විපාක තමයි මේ. දැන් හැමෝම හිතන්නේ වැඩ වර්ජනය තමයි හොඳම උපායමාර්ග කියලයි. ඇහුවොත් ඒ් ඒ් අය තරම් කැපවීමෙන් වැඩ කරන්නෙ නැහැ වෙන කවුරුවත්. හැබැයි මුදලට තියෙන කෑදරකම තමයි යටි අරමුන. දෙවැනි අරමුණ තමයි දේශපාලන විරුද්ධවාදීත්වය. මෙහෙම රටවල් දියුණු කරන්න බැහැ. දේශපාලකයො පිස්සු නැටුවොත් මැතිවරණයකින් ඉවත් කරන්න පුළුවන්. ඒ්ත් මේ රජයේ සේවකයො පිස්සු නැටුවම ඒලවලා දාන්න ක්‍රමයක් තවම නැත්ද. ඉක්මනින් නීති හදන්න තමන්ගේ රැකියාවෙන් කුමක් හෝ අපෘතිකර තත්වයක් තියෙනවනම් ඒ් අයව ඉවත් කරලා කඩිනමින් ඊලඟ පරම්පරාවකට ඒ් රාජකාරිය පවරන්න පුළුවන් විදිහට. රජයේ පත්වීමක් දුන්නම මොන පිස්සු නැටුවත් ජනතාවට සේවයක් නොලැබුනත් තනතුරු සදාකාලිකයි. නිකම්ම හිටියත් වැටුප් ලැබෙනවා. මේ ක්‍රමය පාර්ලිමේන්තුවේ 2/3 භාවිතා කරලා වෙනස් කරලා දාන්න. මේ ක්‍රමය දියුණු වන රටකට සාපයක්. රජයේ සේවය කියන්නේ මේ අය ඒ් අයගේ සල්ලි ආයෝජනය කරල හදාගත්තු තමන්ගෙම පුද්ගලික ව්‍යාපාරයක්ද.
මේ ආණ්ඩුව මේ වනවිට ගෙදර යායුතු බව ස්ථිර වුවත්, මේ දේශපාලනික වුර්තීය අරගල වලින් වනුයේ අප ජීවත් වන රට තවත් අගාදයකට යාම පමණක් බව සාමාන්‍ය පුරවැසිය අවබෝද කර ගත යුතුවේ. නැතහොත් ලෙබනනය මෙන් දැඩි ආර්ථික අර්බුදයක් ඇතිවී ජීවත් වීම තවත් අසීරු වී, සමස්ත සමාජයම දැඩි අසහන කාරී අවස්ත්වකට ලග වනු ඇත. කොයි පැත්තේ සිටියද, දේශපාලකයන්ට මෙයින් අවාසියක් නොවනු ඇත. තවද, එයින් එලියට පැමිණීමට වසර ගණනාවක් ගතවනු ඇත. තවද, ලෝක ආර්ථික අර්බුදයක් පවතින හෙයින්, අනෙක් රට වලින් ලැබෙන උදව්ද බොහෝ සෙයින් අඩු වෙනු ඇත. සමස්ත සමජය මෙය තේරුම් ගත යුතු වේ.