IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේම ගෙදරකට

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කුලී පදනම මත  ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල  නව ගොඩනැගිලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ  කොළඹ‍ කාසල් වීදිය කාන්තා ශික්ෂණ රෝහලට යාබදව  ඉදිකරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය පරීක්ෂාවට ලක් කිරීමට සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුර දී ය.  

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කාර්යාල රැසක් කුලී පදනමින් ලබාගත් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, එම ගොඩනැගින්ලේ බදු කාලය තවදුරටත් ඉදිරි වර්ෂ සදහා දීර්ඝ‌ නොකරන ලෙසටත්, නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනම් කර එම කාර්යාල සියල්ල නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා  ලෙස ද අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

2016 වර්ෂයේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් නැවතී පැවති අතර වර්තමානය වන විට රජයේ අරමුදල් යොදවා එම ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.



අදහස් (7)

සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේම ගෙදරකට

Neel Thursday, 23 October 2025 03:25 PM

අන්න එහෙම තමයි NPP ආන්ඩුව වැඩ කරන්නේ. මුදල් කලමනාකරණය අංක එකට...

:       12       27

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Thursday, 23 October 2025 04:17 PM

Neel ඩෝබි දන්නවා නම් එහෙම පවත්වාගෙන යන කාර්යාල දෙකක් කියන්න.

:       24       12

Neel Thursday, 23 October 2025 06:18 PM

මම සතුටු වෙනවා NPP එකට කඩේ යන එකට. එහෙම නැතුව ඔබ වගේ ගොබ්බ බයියෙක් නොවුණු එකට. ඔයලා වගේ අයත් මේ රට කඩන් වැටුණු එකට වක්‍රව වග කියන්න ඕනෑ. ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි.

:       8       19

Neel Thursday, 23 October 2025 07:00 PM

රාජගිරිය පැත්තට වෙන්න සබීතාගේ බිල්ඩිම මතකද?.. රත්තරං පාට වෙපන් එකට සම්බන්ධ අය තමයි ගේම දුන්නේ....

:       4       22

චන්දන Friday, 24 October 2025 05:36 AM

ඇන්ඩෘ මෝඩයා...

:       0       0

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 24 October 2025 09:22 AM

neel ඩෝබිට මම අහපු දේට උත්තරයක් නැතුව වටේට වෙඩි තියනව.ඔයා වගේ ඩෝබිලා සෙට් එක විතරයි දැන් ඉතුරු.උන්ට තමයි ඔය බොරු ඇද බාන්නේ.

:       2       2

කපුරුහාමි Friday, 24 October 2025 12:39 PM

දුශිත පවුල් පාලන ආණ්ඩුව කාලේ අනුන්ගේ දේපළ බලෙන් අත්පත් කරගත්තු දූෂිත දේසපාලුවොත් හිටියා...වහලුන්ට ඒ ගැන මතකවත් නැහැ.සෙලින්කෝ අදිපතිතුමාට කරපු හරිය රටම දන්නවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site