
(ගයාන් සූරියආරච්චි)
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේදී සැකකරු විසින් එල්ල කළ පා පහරකින් කොස්තාපල්වරයකුගේ ඇසකට තුවාල සිදුවී අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව නාන්නේරිය පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බව පොලිසිය පවසයි.
නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මහානාන්නේරිය, ගලයාය ප්‍ර දේශයේ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහා නාන්නේරිය, ගලයාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 හිටපු යුද හමුදා නිලධාරියකු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවත්පත් වාර්තා අනුව බොහෝමයක් අකටයුතුකම් වලට හසුවෙලා තියෙන්නේ පොලිසියේ නැත්නම් හමුදාවේ සිට ඉවත්වෙලා ගිය පිරිස් කියලා පේනවා... ඉතින් එහෙම දේවල් ගැන බලධාරීන්ගේ අවධානය බොහෝ මදි කියලා හිතෙනවා. හමුදාවේ සිට ඉවත්වූ අය වේදිකාවට නැගලා පක්ෂ සාමාජිකත්වය ගන්න වෙලාවේ මේවා ගැනත් හිතනවා නම් හොඳයි කියලා මට මේ වාර්තා අනුව හිතෙනවා...
දැන් ඉන්න පීසීලාත් කැහැටු කණාටු අයනේ... පාපහරින් විසිවෙලා යන්න ඇති...