IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සැකකරුගේ පා පහරින් පීසී රෝහලේ

(ගයාන් සූරියආරච්චි)

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේදී සැකකරු විසින් එල්ල කළ පා පහරකින් කොස්තාපල්වරයකුගේ ඇසකට තුවාල සිදුවී අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව නාන්නේරිය පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බව පොලිසිය පවසයි.

නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මහානාන්නේරිය, ගලයාය ප්‍ර දේශයේ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහා නාන්නේරිය, ගලයාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 හිටපු යුද හමුදා නිලධාරියකු බව පොලිසිය පවසයි.



අදහස් (2)

සැකකරුගේ පා පහරින් පීසී රෝහලේ

Tikiri Sunday, 26 May 2024 02:15 PM

පුවත්පත් වාර්තා අනුව බොහෝමයක් අකටයුතුකම් වලට හසුවෙලා තියෙන්නේ පොලිසියේ නැත්නම් හමුදාවේ සිට ඉවත්වෙලා ගිය පිරිස් කියලා පේනවා... ඉතින් එහෙම දේවල් ගැන බලධාරීන්ගේ අවධානය බොහෝ මදි කියලා හිතෙනවා. හමුදාවේ සිට ඉවත්වූ අය වේදිකාවට නැගලා පක්ෂ සාමාජිකත්වය ගන්න වෙලාවේ මේවා ගැනත් හිතනවා නම් හොඳයි කියලා මට මේ වාර්තා අනුව හිතෙනවා...

:       2       12

Perera Monday, 27 May 2024 01:20 PM

දැන් ඉන්න පීසීලාත් කැහැටු කණාටු අයනේ... පාපහරින් විසිවෙලා යන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site