(යොහාන් භාසුර)
මැයි මස 15 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) සති දෙකකින් කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට සැළසුම් කර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව කී එම නිලධාරියා උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගතය බාර ගැනීමට සිටින මුව පැටව් වැනි අහිංසක දරුවන් මෙහෙම අනාථ කිරීමට කටයුතු කරන අයටත් ඔවුන්ගේ හතර වර්ගයාටත් කිසිම උපතක මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා... එහෙම අයට කල්ප ලක්ෂ ගණනක් මානසික රෝගීන් වීමට ලැබේවා.. යක්ෂයින් ප්‍රේතයින් වේවා... සත්‍ය වූ මෙම අදහසට ඩිස්ලයික් දමන හා චෝදනා කරන අයටත් එසේම වේවා...!
කිසිම හිතක්, පපුවක් නැති ගුරුවරුන්ගේ වැඩනිසා අපහසුතාවට පත්වන්නේ මේ රටේ දරුවෝ....
දරුවන්ට වගේම දෙමව්පියන්ටත් මේක විශාල කරදරයක්. කල්ගියා කියලා දරුවන්ගේ ටියුෂන් නවත්වන්න බෑ. එහෙම කළොත් කරගෙන ආපු පාඩම් ඔක්කොම අතහැරෙනවා.