(සුජිත් හේවාජුලිගේ)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) උදේ පැමිණියහ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන කතුවරයා දැනුම් දීම නිසා එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේම පිටව ගියේය.
එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිටව ගියේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දෙමිනි.
ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර තිබුණේ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා විසින් පළ කරන ලද අදහස්ය. සතොස සුදුළූනු වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් සහ එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්වීම විහිළු සහගත මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ තර්ජනයක් බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.