(ආනන්ද ඉ ජයකොඩි)
රහස් පොලිස් නිලධාරිනියකට බැංකුවේ අමතක වී ගිය ඒ.ටී.එම් කාඩ් පතකින් 1,16,000 අධික මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකු දින 13කට පසුව අද (27) අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.
නිට්ටඹුව නගර මධ්‍යයේ ඇති රාජ්‍ය බැංකුවකට පැමිණි රහස් පොලිස් නිලධාරිනිය ඉකුත් 14 වැනිදා මුදල් ලබා ගන්නා යන්ත්‍රයකින් මුදල් ලබා ගත් අවස්ථාවේ එම යන්ත්‍රය තුල කාඩ් පත අමතක වී ආපසු ගොස් ඇත.
කාඩ් පත අමතක වී ඇති බවට දැන ගැනීමත් සමග ඇය සුළු වේලාවකින් එම බැංකුවට පැමිණ යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී කාඩ් පත අස්ථාන ගත වී තිබිණ.
මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතුල මැදවැව මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා ගෙන යන විට ලද තොරතුරකට අනුව ඌරාපොල ප්‍රදේශයේ දී සැකපිට පුද්ගලයකු අද (27) අත් අඩංගුවට ගෙන ඇත.
මොහු ගෙන් ප්‍රශ්න කිරීමේදී කරන ලද ප්‍රකාශ අනුව අමතක වී යන්ත්‍රය තුල දමා ගොස් තිබූ ඒ.ටී.එම් කාඩ් පත රැගෙන ගොස් නිට්ටඹුව නගරයේම ජංගම දුරකථන අලෙවි හලකින් රුපියල් හැත්තෑ හතර දහසක් වටිනා ජංගම දුරකථනයක් ලබා ගෙන තිබූ බවද පොලීසිය කීය.
මොහු නිට්ටඹුව නගරයේම තවත් ජංගම දුරකථන අලෙවි හලකට ගොස් රුපියල් හතළිස් දෙදහසක් වටිනා ජංගම දුරකථනයක් ලබා ගන්නා මුවාවෙන් වෙළඳ හල් හිමියා එයට අදාල මුදල වෙනුවෙන් කාඩ් පත යන්ත්‍රයෙන් ලකුණු කලායින් පසුව මොහු එය අවලංගු කොට වෙළඳ හල් හිමියා ගෙන් රුපියල් හතළිස් දෙදහසක මුදලක් ලබා ගෙන පිටව ගොස් එම මුදල් උපයෝගී කර ගෙන රෙදිපිළි ලබා ගෙන තිබූ බවද වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු කාඩ් පතක් අමතක වෙන්න තරම් කල්පනාව අඩුද ලංකාවෙ රහස් පොලිස් නිලධාරිනියකට ?
සී.අයි.ඩී කත පින් නොම්මරේත් ලියලා තියලාම ගියාද...?
ලොක්කාගේ ගෝලයට හොඳනම් අපට බැරි මොකෝ නේද? "එක රටක්මේ එක නීතියක් " සංකල්පය යටතේ මේ මනුස්සයටත් ගත්තු සල්ලි ආපහු දීලා බේරෙන්න පුළුවන් වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ...!
නැතිවෙලා කියලා දැනගත්තු ගමන් කාඩ් එක කැන්සල් කරලා නෑ... මරු රහස් පොලිස්...
පට්ට මොලකාරයෙක්ට කාඩ්එක හම්බවෙලා තියෙන්නේ. අැයි එම කාන්තාව වහාම බැංකුවට කතාකරලා එය අවලංගු නොකළේ...?
අමතකවීම් වෙන්න පුළුවන්. ඒකට රක්ෂාව අදාළ නැහැ. ඇය ලොකු පීඩනයකින් සිටියා වෙන්න පුළුවන්... කෙසේ වුවත් අයට වුණු පාඩුව අයකරගැනීම් අමාරුයි. නඩුව දිගට ගිහින් ඌ හිරේ යයි. ඇය පොලිස් නිලධාරිනියක් නිසා සමහරවිට ගන්න පුළුවන් වෙයි. කවුරුත් අමාරුවෙන් හම්බ කරන සල්ලිනේ... හැබැයි ඌට මතක හිටින දඬුවමක් දුන්නා නම් තමයි හොඳ...!