(නිමන්ති රණසිංහ)
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා සහ තවත් පුද්ගලයින් හය දෙනෙකු මාස 08 ක රැඳවුම් නියෝගයකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
පාස්කු ඉරිදා දින දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණූ බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් ගේ පියා වන අංක 658/87, මහවිල උද්‍යානය, බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි මොහොමඞ් ඊබ්‍රහිම්, මොහොමඞ් අහමඩ්, ඇතුලු සැකකරුවන් හය දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජයෙන්නම් මේ අපරාධ ගැන සොයා බලා වරදකරුවන්ට නිසි දඩුවම් ලබාදේවි.
ජවිපෙ සම්බන්ධයක් තියෙනවද?
අනුර සහෝදරයා හරිම අහිංසක කෙනෙක් කියලා කිව්වේ මෙයාට නේද?
නීතිය හරියට ක්‍රියාත්මක වනතුරු අප බලා සිටින්නෙමු
මොකද මෙතෙක් කල් කාගෙහරි බලපෑම් තිබුනද හිරේට දාන්න එපා කියලා, අහිංසක මිනිහෙක් පොල්ගෙඩියක් කැඩුවත් එදාම හිරේට දාන රටේ. ලංකාවට දියුණු වෙන්න බැරි ඕකනේ.