
(ටී.කේ.ජී.කපිල )
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
ඇය සමග රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වූ ඈන් ද ලිවේරා මහත්මිය ද පිටත්ව ගොස් තිබේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ගිය බව ආරංචි මාර්ග කියයි.
ඔවුන් අද අලුයම 01.10 ට සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන මෙම 24 වැනි දින මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට ද නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd