
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රජය කෙරෙහි ජනතාවගේ අනාදරය ඇතිවන ආකාරයෙන් කටයුතු කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියෝග කළාය.
සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළාය.
මෙම සැකකරු ඉකුත් අගෝස්තු මස 17 වැනිදා මරදානේ පිහිටි සාමය හා සමාජයීය කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්ති ප්‍රකාරව රජය කෙරෙහි ජනතාවගේ අනාදරය ජනිත වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයට කරුණු ඉදිරිපත් විනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්...! අධිකරණයට වෙච්චි දෙයක්... මිනී මරණ එකට වඩා රජය අනාදරයට පත්කරන එක සාහසික අපරාධයක්ද? අනිත් එක මේ කාලකණ්ණි රජයට ආදරෙන් කවුරුහරි ඉන්නවා කියලාද හිතාගෙන ඉන්නේ? එයාලාට පොඩ්ඩක්වත් රටේ වෙන දේවල් ගැන අවබෝධයක් ඇත්තේම නැද්ද?
රජයද? ආණ්ඩුවද?
ජනතාව ඉන්නේ අප්‍රසාදයෙන් තමයි...! ඔහොම කළාම තව ප්‍රසාද ලැබෙයිද? නැත්තටම නැතිවෙයිද?
හෑ... එතකොට මේ ආණ්ඩුවට ජනතාව ආදරෙයිද?
සිරිල් ගාමිනීගේ මඩ බලකාය. හොඳට තිබුණු ආගමකට ගිය කලක්....
අනාදරය ඇතිවෙන්න මෙයාලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. අපි රජය කෙරෙහි ප්‍රේමයෙන් වෙලිලා ඉන්නවා කියලා... කොහොමත් ඡන්දයක් තිබ්බා නම් ආදරේ අනාදරේ බලාගන්න තිබුණා හොඳට...