( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැමිණීමෙන් අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) පොලිස්පතිවරයාට නියෝග කළේය.
එසේම අදාළ සිද්ධියට මුහුණ පෑ රැදවියන් 8 දෙනා වහාම වෙනත් බන්ධනාගාරායකටද මාරු කර යවන්නැයි ද ශ්‍රෙස්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කෙරිණි.
අදාළ සිද්ධියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ ව ඇති බව කියමින් එම රැදවියන් 8 දෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමටද අධිකරණය අද තීන්දු කළේය.
බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යව සිටි ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් 12වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි ද්‍රවිඩ ජාතික සිරකරුවන් දණ ගස්වා ඉන් දෙදෙනකුගේ හිසට පිස්තෝලයක් එල්ල කරමින් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට සදහන් කරමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා රැඳවියන් අටදෙනෙකු නීතීඥවරයෙකු මාර්ගයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (05) සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය මේ බව දැනුම් දෙන ලදී.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර , යසන්ත කෝදාගොඩ සහ ජනක් ද යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ රදවා පූපාලසින්හම් සූරියපාලන්, මතියරාසන් සුලක්ෂන්, ගනේෂන් තරාෂන්,කන්දප්පු කජේතිරන් ,රාසතුරෙයි සිතුරාසන්,මෙයියමුත්තු සුතදරන්, සහ ටී.කන්තරූබන් නැමත්තන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එම්.එච් ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් එම් ටී .එන් උපුල්දෙනිය,අධිකරණ ඇමැතිවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
එම සිද්ධියට බඳුන් වූ රැඳවියන් අනුරාධපුර බන්ධනාගාරෙයෙන් උතුරු පළාත් බන්ධනාගාරයකට මාරු කර හරින ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොහාන් ඇමතිතුමනි, ඔබතුමා බයවෙන්න එපා. කව්රු නඩු දැම්මත් ඔබ තුමා බේරාගන්න නීතිපතිතුමා ඉන්නවානෙ.
නුදුරු දිනක දක්නට ලැබෙන පුවතක්, ඔය කියන අන්දමේ සිද්ධියක් අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවී නැත. චූදිත නිදොස්කොට නිදහස් කරන ලදී.
මුළු ලෝකයම ඔය නඩුවට වෙන්නේ මොකක්ද කියල බලාගෙන ඉන්නේ.
කාල වකවානුව දී නියෝගය නිකුත් කලානම් ප්‍රතිපල ගන්න පුළුවන් වෙයි.
දැන් රජයන්නේ කැළෑ නීතියයි