(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සියදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සේවකයින් 70 දෙනෙකුට අදාළව නිකුත් කළ ප‍්‍රථිපල වලට අනුව ඉන් සිව්දෙනෙකු කොරෝනා ආසාධිත බව තහවුරු වී ඇත.
ඉතිරි සේවකයින් 30 දෙනා සම්බන්ධයෙන් ප‍්‍රථිපල නිකුත් කිරීමට නියමිතව ඇති අතර අද (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් 250 දෙනෙකු සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ඔයා නම් මාරයි.. අහිංසකයින් නැතිව අර කපුටු පාට කෝට් කාරයින් අල්ලගන්නකෝ. ඔයත් බයයිනේ එයාලට. බයවෙන්න එපා. ටික දවසක් තියන් ඉඳලා PCR සාක්ෂි ප්‍රමාණවත් නෑ කියලා එළියට දාවි. නැතිනම් තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ කියලා නිදොස් කර නිදහස් කරාවි..හැබැයි හෘද සාක්ෂිය තමයි ප්‍රශ්නය, ඔය කොයිතුමාලටත්, පතිලටත්...
කොරෝනා වලින් අමුතුවෙන් වෙන්න හානියක් නෑ