(ඩයනා උදයංගනී)
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟකිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කළ හැකි බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා පැවසීය.
පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (10) පස්වරුවේ පැවති රැස්වීමකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
පළාත්සභා මැතිවරණයේ අපේක්ෂකත්වය ඉල්ලා මේ වන විටත් සෑහෙන පිරිසක් අයඳුම්පත් යොමු කර ඇතැයි ද ලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ඉක්මන් වෙන්න එපා. ඇමැති සරත් වීරසේකර නම් කියන්නේ පළාත් සභාව අහෝසි කරනවයි කියලා...