(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු 17 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) පත්කරනු ලැබීය.
ඒ අනුව කැස්බෑව ආසනයේ නව සංවිධායකවරයා ලෙස ජීවන් කුමාරතුංග, ගම්පහ ජාඇල මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායක ලෙස නාමල් සුංරග, මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස ලලිත් ටෙන්සිල්, හොරණ ආසන සංවිධායක ලෙස රවීන්ද්‍ර ශ්‍රී සුරංග, බේරුවල ආසන සංවිධායක ලෙස සුගත් මතුගමගේ, කළුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස සාලිය ගුණසිංහ, මහනුවර පාතදුම්බර ආසනයේ සම සංවිධායක ලෙස එච්. ප්‍රියන්ත පුෂ්පකුමාර, උඩුදුම්බර ආසනයේ සම සංවිධායක ලෙස අනුරුද්ධ පාලිත බණ්ඩාර, රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ලෙස කණිෂ්ක අවිනාශ් රත්නසේකර පත්කර ඇත.
එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් බලප්‍රදේශය භාර සංවිධායක ලෙස කනගසූරියම් උයද කුමාර්, මූතූර් ආසනයේ සම සංවිධායක එස්.එම් සුබියන්, මූතූර් ප්‍රාදේශීය බලප්‍රදේශය භාර සංවිධායක ලෙස ඒ. ආර් ඉඩ්රිස්, කින්නියා ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක ලෙස එම්.එච්.එම් රාසික්, කුච්චවේලි ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක ලෙස එන්. සුනිල් රාසික්, ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රාදේශීය බල ප්‍රදේශභාර සංවිධායක ලෙස අලගු ධර්මරාජන්, ත්‍රිකුණාමලය නගර සභා බලප්‍රදේශ දමිළ ජන ප්‍රදේශ සංවිධායක කාලි රාජා ක්රිෂණරාජා, තඹලගමුව ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක ලෙස ආර්. කලිපුල්ලා යන මහත්වරුන් පත්කර තිබේ.
මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (11) පෙරවරුවේදී සිය පත්වීම් ලිපි ලබාගත්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ඇතුළු පක්ෂයේ පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ඡන්දෙ දෙන අයට වඩා ඉන්නවා ආසන සංවිධායකයන්..
ඇපත් නෑ...
නමට සංවිධායකයින්. මේ අයට මොකද වෙලා තියෙන්නේ නැතිවීගෙන යන පක්ෂෙක තනතුරු ගන්න.
ගිලෙන නැවකට නැගපු මියෝ 17 දෙනෙක්.
ශ්‍රී ලංකා පක්ෂයේ ගමනක අවසානය ලංවී ඇතිබව දුටිමි.