(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම හේතුවක් මත ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ජාතික ආණ්ඩුව වශයෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිගටම කටයුතු කරගෙන යන බවද ඔහු කීය.
අමරවීර මහතා මේ බව පැවැසුවේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
මහින්ද අමරවීර මහතා මෙසේද පැවැසීය.
‘‘ජාතික ආණ්ඩුව මේ දක්වා ජනතාව වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑම අපේක්ෂාවයි. ආණ්ඩුවේ පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් ඉදිරියට යනවා. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙච්චර කල් කළේ තම තමන්ගේ බඩ වියත වෙනුවෙන් බඩගෝස්තරවාදී දේශපාලනයක නියැලුණා මිසක අද අපට තියෙන ප්රශ්නය පක්ෂය නෙවෙයි හරිද වැරදිද සාධාරණද අසාධාරණද ඵලදායි ද ඵල රහිත ද යන්න පමණයි.
ඔයා නම් එලියට නොයන බව විශ්වාසයි. එත් නායකත්වය කරන කියන දේ බැලුවම ළඟදීම මහා අවුලක් නම් වෙනවා.
වෙන විකල්පයක් තියෙනවද?
ආණ්ඩුවෙන් අයින් වෙලා කොහේ යන්නද? දැන් බැඳගත්ත බෙරේ ගහලාම බිම තියන්න. හැබැයි ඔය බෙර පදේට නටන්න රටේ මිනිස්සු 57ක් ලැස්ති නැති බව හිතන්න