(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සතියක් ඇතුළත අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රීලනිප මූලස්ථානය තමාට විරුද්ධව වැඩකරන ප්‍රධාන තැන බවට පත්ව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානය පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කරන බව සඳහන් කර තිබේ.
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කලක සිට "සේවය" කරන්නේ හඳපානේ ඉඳගෙන බව යලිත් වරක් මේ රැස්වීමෙන් පේනවා! තමාට එරෙහි "හතුරන්" මොන ක්‍රමයකින් හෝ පන්නා දමා "එහෙයියන්" එම ස්ථානවලට ඇදගැනීමට මොහු උපන් හපනෙක් වග දැන් පැහැදිලි වෙනවා. [ශ්‍රීලනිප මූලස්ථානය....] සිය සතුරා බවට ඔහු චෝදනා කරන නිසාද බැංකොක් නිවාඩුව ගත කරන අතර එයට ඉබි යතුරු දමා වැසීමට නියෝග කරේ? බලාගෙන යනකොට මෙතුමාට හතර වටේම සතුරෝ. බොහෝවිට ඒ තමා විසින්ම හදාගන්නා සතුරන් බව ඔහුට නොතේරෙනවා විය හැක.
"හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත". අම්මප, ජනාධිපති තුමා ඉඳ හිට ඇත්ත දේවලුත් කියනවා.
මෙයා නිදහස් පක්ෂය පොහොට්ටුවට විකුණා දෙන්ඩ නටනවා.
මෙතුමා පෙනී සිටින්නේ දකුණේ කවුරු වෙනුවෙන්ද ?