(නාලක සංජීව දහනායක)
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා වටයේ හත්වැනි සාකච්ඡාව 25 වැනි දින කොළඹ-07, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (22) පැවැසීය.
මීට පෙර පැවැති සාකච්ඡාවලදී ප්‍රතිපත්තිමය කාරණා 25 ක් සම්බන්ධයෙන් දෙපාර්ශවයම දැනට එකඟතාවයකට එළඹ සිටින බවද මහාචාර්යවරයා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම්වරයකු වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා කථිකාචාර්ය ජගත් වැල්ලවලත්ත යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට UNP එක නැද්ද? ඔයාලා තුන්දෙනාම එකයි අනේ... ජනතාව තනිවෙලා.
බාලගිරි දෝෂය අද නොවේ හෙට !
බාලගිරි දෝෂය අද නොවේ හෙට...!
මේක හරියන මගුලක් නෙවෙයි. පොහොට්ටු, බුලත් කොළ අලි දේශපාලනයෙන් අතුගාලා දාන්න මීටත් වඩා අවස්ථාවක් එන්නේ නැහැ. ඊළඟ ඡන්දෙදී බුද්ධිමත් තරුණ නායකයින්ට ඡන්දය දෙමු..
අපට ආරංචියි. ඔය මොන සාකච්ඡා කළත් පොහොට්ටුවේ තේරීම අවසන් තේරීම විය යුතුයි යන මතය වෙනස් වී නැති බවයි. අලුතෙන්ම කියවෙන්නේ ජනාධිපතිවරයා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී පොහොට්ටුවේ අපේක්ෂකයාට සහාය දක්වා මැතිවරණය ජයගත්තාට පසු පත් කෙරෙන රජයේ අගමැති තනතුර ඉල්ලා සිටින බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ සිදුවෙමින් පවතින භේදභින්න භාවය තවදුරටත් තීව්ර කරමින් තවත් පිරිසක් පක්ෂ නායකත්වය විසින් පක්ෂය දියාරු කිරීම සඳහා කටයුතු කරන අන්දම ජනතාවට ඇත්ත පැහැදිලි කරදීමට "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිබල එකමුතුව" නමින් නව සංවිධානයක් පිහිටුවාගත් බවද වාර්තා වෙනවා.
මෙහෙව් කෝලම් ලොවෙත් නැහැ .