(ගයාන් සූරිය ආරච්චි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු මොහොතකට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටින සමයේ සිරිලිය නමින් පවත්වාගෙන ගිය ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.