
(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශිෂ්ට සේවය අගයමින් ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිව තිබේ.
මාලදිවයින් සංචාරක කර්මාන්තයේ 50 වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශිෂ්ට සේවාව අගයමින් ජනාධිපති රන් සම්මානය ද, හයවැනි දකුණු අසියානු සංචාරක සම්මාන උළෙලේදී ‘සංචාරකයන් වඩාත් ප්‍රියකරන ගුවන් සේවය’ ලෙස ද, ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මාන ලැබීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙම සම්මාන ලබාගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙවැනි සම්මානය අපි ගානේ .ඒ ලොවට වැඩක් කරා රටට බරක් උනා සම්මානය
බිලියන ගණන් පාඩු කරන සභාපතිට දෙන සම්මානය මොකක්ද?
සල්ලි දීලා සම්මාන ගන්නවද මන්දා? මෙච්චර කුජීත රටටම බරක් වුණු සංචාරකයින් කැමැතිම ගුවන් සේවයක්...!
හිනා නොවී ඉන්ඩත් බැහැ. ඔය විදියට දෙනවානම් කලින් හිටපු සභාපති මහින්දගේ මස්සිනාටත් දෙන්න තිබුණා. බංකොළොත් කෙරුවාට...!
මේ සම්මානයේ වටිනාකම නම් තුට්ටුවට ගිහින් තියෙන්නේ... මෙහෙ ගෙඩිය පිටින් විකුණන්න හදනවා. අරෙහෙ සම්මාන දෙනවා. මොන විකාරයක්ද මේ..?
හිඟන රටක් කළාට වෙන්නැති...