කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, විදෙස් ශ්‍රමිකයන්ගෙන් ගලා ආ විදේශ විනිමය නතර වී ගොසිනි. විදෙස් සංචිත හිඟ වීම නිසා වාරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර මුදා ගත නොහැකි වී ඇති බව ද පැවැසෙයි.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බදාදා දින ප්‍රකාශ කර සිටියේ රට මුහුණ දෙන මෙම මුල්‍ය අර්බුදයෙන් ගැලවීම සඳහා තමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලිඛිත ඉල්ලීමක් කළ බවය.
කෙසේ නමුත් ජාත්‍යන්තර අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා ඒ.එෆ්.පී පුවත් සේවයට ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකා රජයෙන් මුල්‍ය සහයෝගිතාවයක් අවශ්‍ය බවට ලිඛිත ඉල්ලීමක් ජාත්‍යන්තර අරමුදලට ලැබී නොමැති බවත්, එසේ ලිඛිත ඉල්ලීමක් ලැබුණොත් යා හැකි විකල්ප සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කිරීමට සුදානම් බවත්ය
(විමුක්ති එස් රුද්‍රිගු - ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දුක් මහන්සි වෙලා සල්ලි එවපල්ලකෝ එයාට රජසැප විඳින්න.
මහ බැංකුව දේශීය ශ්‍රමිකයින්ට සාධාරණ මුදලක් ඔවුන්ගේ ඩොලර් කොල්ලට ගෙවන්නේ නෑ. ගජ මිතුරන්ට පමණක් රුපියල් 202ට ඩොලර් රජයේ බැංකු වලින් දෙනවා. ඩොලර් නියමිත වටිනාකම දුන්නොත් ඩොලර් ගලාගෙන ඒවි. මහබැංකුවට ඕනෑතරම් ඩොලර් අච්චු ගහන්න බෑ රුපියල් අච්චු ගැහුවාට... මෙය තේරුම්ගත යුතුයි...
මොල හතා දැකපු හීනයක්ද කොහේද?
කට ඇරියොත් කියන්නේ බොරු...!
පොඩ්ඩක් ඉවසපල්ලා. මේ ඩොලර් ගනුදෙනු කරන ඒවා ගැන තීන්දු තීරණ ගන්න එක ශැංග්‍රිලා එකට හමුදා මූලස්ථානය විකුණන්න දවස් තුනෙන් තීරණය කළා වගේ ඉක්මන් තීරණයක් ගන්න පුළුවන් වැඩක් කියලා හිතුවාද? වැඩෙන් අපටත් වැඩක් වෙනවා නම් අපි එන්නම්...