ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පොර්ට් එළිසබෙත් නුවරදී අද (13 වැනිදා) පැවැති සිව්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 6 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 කදී ලකුණු 189 කට දැවී ගියේය. දකුණු අප්‍රිකානුවෝ ඕවර 32.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් ලබාගත්හ.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වූ හත්වැනි එක්දින තරගයයි.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා https://tinyurl.com/yx9xb7vn වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ඉඳල හිටලා හරි දිනන්නේ කාසියේ වාසිය විතරයි.
ලංකාවේ ඕනේ තරම් දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. මෙතන ඔවුන්ව හරියට කළමනාකරණය කරන්නේ නැහැ. හතුරුසිංහ මේවට වගකියන්න ඕනේ.. ඒ වගේම ඔක්කොම ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති ඇතුළුව වගකීම බාරගන්න ඕනේ. ක්‍රීඩකයන්ගේ විනය නැහැ, රටගැන හැගීමක් නැහැ. තමන්ගේ අඩුපාඩු හදාගෙන පුහුණුවීම් කරනවා වෙනුවට වටේ යනෙකනේ කරන්නේ. කණ්ඩායම් හැගීමක් නැහැ. ක්‍රිකට් කියන්නේ තනි කෙනෙක් සෙල්ලම් කරන එකක් නෙමෙයි. මේක කණ්ඩායමක්. ඒ වගේම පිටියෙන් එලියේත් ගොඩක් දේවල් කරන්න ඕනේ සාර්ථක වෙන්න. මේ අය පණ්ඩිත කතා නවත්වලා කෝලිව ආදර්ශෙට ගන්න ඕනේ, සංගක්කාරව, මහේලව, අර්ජුන, අරවින්ද , මුරලි කොච්චර කැපවීම් කලාද කියලා. ක්‍රීඩකයෝ වගකීම ගන්න ඕනේ, නැත්නම් තේරීම් කමිටුව සහ පුහුණුකරු, ක්‍රීඩකයෝ හරියට තමන්ගේ වැඩේ කරන්නේ නැත්නම්, ඒක කරන්න පුළුවන් අයව හොයාගන්න ඕනේ..
ලෝක කුසලානයක් අතළඟ තියාගෙන කණ්ඩායමේ නායකයා මෝඩයෙක් වගේ කණ්ඩායමේ සාමාජිකයින්ට බැන බැන දඟලනවා. ජාතික කණ්ඩායමට තේරෙන්නේ අහම්බෙන් නෙමෙයිලු, තමන්ගේ වටිනාකම දැනගෙන උපරිමය කරන්න ඉදිරිපත්වෙන්නේ නැහැලු. නමුත් මිනිහා ඔක්කොටම වඩා හපන්. තරඟ පරදින්නේ කණ්ඩායමේ "සහෝදරත්වය" නැතිකමයි. කව්රු පිළිගන්න අකමැති උනත් අපේ කණ්ඩායමේ සීතල යුද්ධයක් තියෙනවා. මේක පැහැදලිවම කණ්ඩායම් දෙයක්. සමහර වෙලාවට තුනක් හෝ හතරක් වෙන්නත් පුළුවන්. ජාති ආගම අපිට වැඩක් නැහැ, කණ්ඩායම සමබර කලයුත්තේ ජාතිය, ආගම, පාසල, ගම්පලාත, ක්‍රීඩාකරන සංගමය වගේ දේවල් මත නොවෙයි දක්ෂතාවය මතම පමණයි. අපිට ඕන ආගමික සංහිඳියාව, ජාතික සමගිය ලොවට පෙන්වන කණ්ඩායමක් නොවෙයි. අපේ රට දිනවන කණ්ඩායමක්.
බෝල ගහනකොට දිනනවා,පරදිනවා.
නැවතත් සුපුරුදු රිද්මයට
මේ ගහන ක්‍රිකට් දැක්කම වමනේ යනවා, පරදිනවා කියලා මෙහෙමත් පැරදිල්ලක් සියලුම ක්‍රීඩකයන්, පුහුණුකරුවන් පාලක මණ්ඩලය වහ එලවා දමා මේ විනාස කරන සල්ලි වලින් රටට වැඩක් ඇති දෙයක් කල යුතුය
1948 න් පසුව රටේ සංවර්ධනයෙන් පරදිනවා.එය ආදර්ශයට ගන්නා ක්‍රීඩකයනුත් පරදිනවා. පසුගිය දිනක ඇමතිවරයා කියා තිබුනා ලක්ෂ 10 ක් දෙන්නම් කෙනෙකු කණ්ඩායමට දාලා දෙන්න කියල කෙනෙක් ඉල්ලුවා කියලා. එලෙස පැමිනි අයත් කණ්ඩායමේ ඉන්නවානම් මෙවැනි දේ පුදුම දේ නොවෙයි
කණ්ඩායමේ තිබෙන ඇතුලත දේශපාලනය සම්පූර්ණයෙන්ම තුරන් වෙනතුරු මෙම අර්බූධය තව දුරටත් තිබේවි. කණ්ඩායම් හන්ගීමක් ඇතිවන තුරු තරඟ දිනන්නට බැරිවේවි. දික්වැල්ල ගේ අඩුපාඩුව හොඳටම පෙන්නුම් කරා.
එකක් දෙකක් පැරදුනා කියල කලබල වෙන්න ඕනේ නැ, නායකත්වය දික්වැල්ල වගේ දක්ෂ ක්‍රීඩකයෙක්ට දෙන්න,
මොනව කරන්නද මේ වගේ රජ වනකොට
අලුත් ක්‍රීඩකයොන්ට තව මැච් 4-5ක් වත් දුන්න නම් ඔව්න්ගේ දක්ෂතා බලාගන්න තිබ්බා. ලක්ෂ 70ක් මාසෙට ගන්න හතුරුසිංහ අසාර්ථක ක්‍රීඩකයෝ දිගින් දිගටම දාල ඒ වටිනා අවස්තාව නැති කරගත්ත. දැන් මොනවා කරන්නද. ලෝක කුසලානේ පලවෙනි වටයෙන්ම ගෙදර එන්න තියෙන්නේ.
ක්‍රීඩා ඇමති කියනවා. මේක ලෝක කුසලානයට යන්න පුහුණු තරගලු.
මට පුදුම අංක 8 සෙල්ලම් කරපු උදාන 78 ගහපු එක .උදාරයි සහෝදරයා උබ නොඑන්න අදත් බඩුම තමයි
රට වෙනුවෙන් නෙවේ මේගොල්ලෝ ක්‍රීඩා කරන්නේ පුහුණුකරු වෙනුවෙන්, පාඩම් උගන්නවන්න සහ වෙනත් පුද්ගලික අරමුණු වෙනුවෙන්. වැඩ බැරිවුනාට කට නම් තියෙනවා. මේගොල්ලෝව ගෙදර යවලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායමක් සොයා ගන්න වෙනවා , කිසිම වගකීමක් නොමැති පිති හරඹයක් ලකුණු 250 ගහගන්න බැරිනම් වැඩක් තිබෙනවද ?
පුහුණුකරුගේ හැකියාව සහ උපායමාර්ග ගැන සැකසහිතයි. මොකද ක්‍රීඩකයන් දැවී යන්නේ එකම විදියට, ඒ අයගේ දියුණුවක් නෑ. පන්දුයවන්නන් ගේ උපායශීලි බවකුත් නෑ. කණ්ඩායම් හැඟීමක් ක්‍රීඩකයන් අතරත් නෑ. මේවා කරන්න බැරි පුහුණුකරුගෙන් වැඩකුත් නෑ