
(විමුක්ති එස් රුද්‍රිගු)
සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට සැබෑ කැමැත්තක් දක්වන බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.
එම මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රට ලෙස ප්‍රංශ පොලිනීසියා රාජ්‍ය තේරී පත් වී ඇත.එම දර් ශකයේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත් තෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව ඇති අතර අවසන් ස්ථානය පිලිපීනයට හිමිව තිබේ.
ගාලු කොටුව, මිරිස්ස සහ සීගිරිය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර් ෂණය දිනාගත් ස්ථාන ලෙස සී.එන් ට්‍රැවලර් සඟරාව සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇහෙද්දී නම් අර කොහෙන්ද මන්දා හිනායනවා. කාගෙන් හරි ගානක් කඩා ගන්න පුළුවන් නම් ඉතින් හරිම මිත්‍රශීලී ජාතියක් තමයි අපි. සුදුපාට හම තියන විදේශිකයින්ට දත් තිස්දෙකම පෙන්වලා විරිත්තනවා. අපේ අය හිතාගෙන ඉන්නේ ඒ අය මහලොකු නම්බුකාරයින් කියලානේ. අපේ වගේ රටවල්වලට එන්නේ වැඩිපුරම ඒ රටවල හිඟන සුද්දන්. තමන්ගේම රටේ තමන්ගේම ජාතියේ හෝ අන්‍ය ජාතිකයින්ට රවාගෙන යන අපේ අය සුද්දෝ ඉස්සරහා නම් හරිම නිහතමානියි. මම නම් කියන්නේ ඒකට නිවටකම කියලයි.
රටේ සමස්ත ජනතාව යහපත් මිනිස්සු තමයි. මේ 225 ඉන්න මැට්ටන් ටික රට බංකොලොත් කරාට...
ඉතාමත් සතුටුයි... අපේ රටේ වැඩි හරියක් මිනිස්සු ගොඩක් හොඳයි....!
දූෂිත දේශපාලුවෝ මේ රටේ යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලනීකරණය කෙරුවා. මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරලා රටම වලපල්ලට ඇදලා දැම්මා. රට මිත්‍රශීලි වෙන්නේ කොහොමද දන්නේ නැහැ..?
සරුංගලේට 5ක් මරපු රට කොහොමද මිත්‍රශීලී වෙන්නේ?