IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

(විමුක්ති එස් රුද්‍රිගු)

සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට සැබෑ කැමැත්තක් දක්වන බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.

එම මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රට ලෙස ප්‍රංශ පොලිනීසියා රාජ්‍ය තේරී පත් වී ඇත.එම දර් ශකයේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත් තෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව ඇති අතර අවසන් ස්ථානය පිලිපීනයට හිමිව තිබේ.

 ගාලු කොටුව, මිරිස්ස සහ සීගිරිය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර් ෂණය දිනාගත් ස්ථාන ලෙස සී.එන් ට්‍රැවලර් සඟරාව සඳහන් කර තිබේ.



අදහස් (14)

ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

බද්රානි Friday, 07 October 2022 01:24 PM

මේවා ඇහෙද්දී නම් අර කොහෙන්ද මන්දා හිනායනවා. කාගෙන් හරි ගානක් කඩා ගන්න පුළුවන් නම් ඉතින් හරිම මිත්‍රශීලී ජාතියක් තමයි අපි. සුදුපාට හම තියන විදේශිකයින්ට දත් තිස්දෙකම පෙන්වලා විරිත්තනවා. අපේ අය හිතාගෙන ඉන්නේ ඒ අය මහලොකු නම්බුකාරයින් කියලානේ. අපේ වගේ රටවල්වලට එන්නේ වැඩිපුරම ඒ රටවල හිඟන සුද්දන්. තමන්ගේම රටේ තමන්ගේම ජාතියේ හෝ අන්‍ය ජාතිකයින්ට රවාගෙන යන අපේ අය සුද්දෝ ඉස්සරහා නම් හරිම නිහතමානියි. මම නම් කියන්නේ ඒකට නිවටකම කියලයි.

:       49       14

යෝගා Friday, 07 October 2022 02:49 PM

කතාවෙන් තේරෙන්නේ ඔයා සුද්දන්ගේ රටක නිවට විදියට ජීවත් වෙන කෙනෙක් කියලයි. කොච්චර දුප්පත් උනත් මේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකම් තාමත් උපරිමයෙන් තියෙනවා

:       10       44

බද්රානිFriday, 07 October 2022 03:36 PM

යෝගා, වලිගේ පාගාගෙන කතාකරන්නෙක් කියලයි මට නම් හිතෙන්නේ. මම පමණක් නොවෙයි ඕනෑම පුද්ගලයෙකුට සුද්දන්ගේ රටවල්වල නිවටයින් ලෙස ජීවත්වීමට සිදුවෙන්නේ නැහැ. ඔය ලංකාවේ වගේ වචන දහයකට, වචන පහක්, සර්, මැඩම් කියන නිවටයින් ඒ රටවල්වල නැහැ. අනික වැදගත් මිනිස්සුන්ට ඒ අනවශ්‍ය වටිනාකම්වලින් ඇති වැඩකුත් නැහැ. ඕවා බලාපොරොත්තු වෙන්නේ, අධි හීනමානයකින් පෙලෙන ලංකාවේ යම් උසස් තනතුරක් හොබවන අඥානයින්. ඔය මහලොකු පුටුවල ඉන්න අය පවා සුද්දන් ඉදිරියේ නිවටයින් ලෙස හැසිරෙනවා මම දැකලා තියනවා. ලෝකයේ ඕනෑම රටක තමන්ගේ ජාතියට විශේෂ ගෞරවයක් හිමිවෙනවා. ඒක ලංකාවේ සිංහල ජාතියට නැහැ. එවැනි ජාතියක් රටක බහුතරය වීම තමයි මේ රටේ ව්‍යසනයට ප්‍රධානම හේතුව. දැන් ඔය ඩොලර් ගේන සුද්දන්ට තියන ගෞරවය මැදපෙරදිග හෝ වෙනත් රටක විදේශ මුදල් රැගෙන එන ලාංකිකයෙකුට තියනවාද? කෝවිඩ් වසංගත සමයේ රටේ ප්‍රධාන ජාතියට සලකපු විදිහ මතක ඇතිනේ. අසමත්ජාති අමනයින්...!!

:       30       14

කල්පනා Friday, 07 October 2022 07:17 PM

යෝගා විදේශීය තරුණ යුවලක් දකුණේ සංචාරයක යෙදුනෝත් මනුස්සකම බලන්න පුළුවන් කියලා නුඹ නොදන්නවා වුණත් වැඩි පිරිසක් දන්නවා පසුගිය ඉන්ධන හිඟකාලයේ විදෙස් සංචාරකයින් ගුවන් තොටුපොළ වෙත යාමට ඉන්ධන ගැනීමට ගියාම විරෝධතා දැක්වූ මිනිස්සු ළඟ මනුස්සකම තිබේද? ලංකාවේ පාලකයින්ට මනුස්සකම තිබේ නම් ලෝකයෙන් ණයට අරගෙන තමුන්ලා බලයට පත්කළ මිනිස්සු මන්ද පෝෂණයෙන් සිටිද්දී තමන්ගේ මඩිස්සලේ පුරවාගන්නේ නැහැනේ...!

:       2       13

BamunuarachchiSunday, 09 October 2022 11:46 AM

යෝග මරියකඩේ පැත්තේ මිනිස්සු මිත්‍රශීලී බවය හඳුනන්නේ නැහැ.

:       0       0

dddFriday, 07 October 2022 04:24 PM

ඔය ප්‍රකාශයේ කිසිම සත්‍යතාවයක් නැහැ. ඔබ ලංකාව ගැනවත්, මිනිස්සු ගැනවත් කිසිම අවබෝධයක් නැති කෙනෙක්. කීප දෙනෙක් වැරැදි කළා කියලා මුළු රට වැසියාම ඒ ගොඩටම දාලා මත ඵල කරන්න එපා. මේ වගේ උතුම් මිනිස්සු ඉන්න රටක් ලෝකයේවත් නැහැ. ඒක තමයි යථාර්ථය...

:       5       21

ගජමිතුරු Friday, 07 October 2022 09:36 PM

මේ වගේ උතුම් මිනිස්සු සිටින රටක් ලෝකයේ වෙන කොහේවත් නැත්නම් ලංකාව මෙම ලැයිස්තුවේ දහයෙන් නවය වුනේ කොහොමද? ඔය වාර්තා හදනවා ඇත්තේ විදේශවල සිටින ලංකාවේ අය ගැන බලා වෙන්න පුළුවන්.. ඕක ඇත්තනම් ඇයි අපට ලෝකයේ පළමු තැනට එන්න බැරි?

:       0       0

මෝFriday, 07 October 2022 05:33 PM

ලංකාවේ ආගන්තුක සත්කාරය පිරිනැමෙන්නේ මුදල් බලාගෙන නෙවෙයි. මනුස්සකමට. ලෝකෙකොහෙන් ආවත්, මුදල් තිබුණත්, නැතත් ඒ මනුස්සකම ලාංකිකයා ළඟ තියෙනවා. ඒක අපිට බෞද්ධ සංස්කෘතියෙන් ආපු දෙයක්. ඉතාලියේ එවන් මනුස්සකම් නැතිබව පේනවා. මුදලට සියල්ල යට සමාජයක් වගෙයි...!

:       5       20

බද්රානිFriday, 07 October 2022 08:48 PM

අනේ යනවා "මෝ" මෙතන නිකම් බොරු කයිවාරු නොගහ... අපි නොදන්නා මහලොකු සංස්කෘතියක් ගැන අපට උගන්වන්න එනවා මෙතන... ඇත්ත ඇහෙද්දී නැට්ට ඉස්සෙන සංස්කෘතියක් නම් තියන බව අපි දන්නවා. ඉස්සරවෙලාම කොහෙවත් ඉන්න සුද්දන්ට මිත්‍රශීලී වෙන්න කලින් තමුන්ගේ රටේ මිනිස්සුන්ට මිත්‍රශීලී වෙන්න ඕනෑ. අනික යුරෝපයේ හෝ මැදපෙරදිග ජාතින් ඔවුන්ගේ වාසියට මිත්‍රශීලිකම් දක්වන්නේත් නැහැ. ඔවුන් සියලු දෙනාම වැදගත් ජාතින්ට අයත් දියුණු රටවල පුරවැසියන්. ඒ නිසා තමයි විදේශිකයින්ට මෙන්ම, ලංකාවෙන් යන හිඟන්නන්ටත් ඒ රටවල රැකියාවක් කරමින් සැපවත් ලෙස ජීවත් වීමට අවස්ථාවක් සලසා දී තියෙන්නේ. ඔච්චරටම මිත්‍රශීලී නම් රෝහින්ගයා සරණාගතයින්ටත් ඒ විදිහට මිත්‍රශීලිකම් අනුකම්පාව දක්වන්න එපැයි... මුදලට අම්මාවත් විකුණාගෙන කන සල්ලි ඉදිරියේ දෙකට නැමෙන මහලොකු සංස්කෘතියකට උරුමකම් කියන මහ ජාතියේ කෙරුවාවල් ගැන කතා කලොත් බල්ලෝ බත් කන්නෙත් නැහැ.

:       0       0

පහන් Friday, 07 October 2022 09:36 PM

බද්රානි කියන්නේ 1%ටත් අඩු නියෝජනයක් ගැන... ලෝකේ දන්දෙන රටවල් අතර අපි අංක දෙක නවසීලන්තය අංක 3, 1 මියන්මාරය එහෙම රටක මිත්‍රශීලි මිනිසුන් නැද්ද?

:       0       0

ranjith Friday, 07 October 2022 01:49 PM

රටේ සමස්ත ජනතාව යහපත් මිනිස්සු තමයි. මේ 225 ඉන්න මැට්ටන් ටික රට බංකොලොත් කරාට...

:       6       31

ddd Friday, 07 October 2022 04:20 PM

ඉතාමත් සතුටුයි... අපේ රටේ වැඩි හරියක් මිනිස්සු ගොඩක් හොඳයි....!

:       2       13

විපරමා Friday, 07 October 2022 05:55 PM

දූෂිත දේශපාලුවෝ මේ රටේ යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලනීකරණය කෙරුවා. මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරලා රටම වලපල්ලට ඇදලා දැම්මා. රට මිත්‍රශීලි වෙන්නේ කොහොමද දන්නේ නැහැ..?

:       2       10

E m wijeyekoon Friday, 07 October 2022 08:23 PM

සරුංගලේට 5ක් මරපු රට කොහොමද මිත්‍රශීලී වෙන්නේ?

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site