( තිළිණි ද සිල්වා )

සංචාරක ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට තීරණය කළ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 

ඉදිරි මාසයක කාලය තුළ එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර අදාළ අවබෝධතා ගිවිසුම දැනටමත් කෙටුම්පත් කර අවසන් බව ද එම අමාත්‍යාංශය කියා සිටී.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා ශ්‍රී ලංකාවේ ජෝර්ජියා තානාපති ආර්චිල් සුලියාෂ්විල්   යන මහත්වරු අතර සංචාරක අමාත්‍ය කාර්යාලයේ  අද (16) පැවති සාකච්ඡාවක දී මෙම තිරණයට එළඹීණි.

ජෝර්ජියානු සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා පුර්ණ සහාය පළ කරන බව ද තානාපතිවරයා මෙහි දී කීවේය. 

ඇමති ප්‍රසන්න රණතුංග මහතා තානාපතිවරයාට යෝජනා කර සිටියේ ජෝර්ජියාව, කසකස්ථානය හා අසර්බයිජානය යන රටවල ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටය.එම රටවල් තුනේ මාධ්‍ය වේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සහ සංචාරක ඒජන්තයින් සමග සාකච්ඡා වටයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා මෙහි දී කිවේය. ජෝර්ජියානු තානාපතිවරයා ඊට සිට එකගත්වය පළ කළේය. 

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පිළිබද ව සිය ප්‍රසාදය පළ කළ ජෝර්ජියානු තානාපතිවරයා ඉදිරයේ දි ජෝර්ජියාව තුළ ශ්‍රි ලංකාව ප්‍රචලිත කිරිම සදහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද එකගත්වය පළ කළේය.

මෙම සාකච්ඡාව සදහා ජෝර්ජියානු තානාපතිවරයා සමග ජ්‍යෙෂෟඨ උපදේශක ලෂා ජපරිඩ්සේ සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.