ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.
රටක උද්ධමනය සියයට 50 සීමාව පසු කළ විට එම රට අධි උද්ධමනය ඇති රටක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ හඳුවන්වති.
ශ්‍රී ලංකාවේ 2021 වසරේ ජූනි මස සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 වසරේ ජූනි මස වන විට සියයට 54.6 ක් දක්වා වැඩි වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේය.
එය ආසියාතික රටක වාර්තා වූ වැඩිම උද්ධමන අනුපාතය බව ඔහු පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් ලෝකයේ ඉහළම උද්ධමන අනුපාතයක් ඇති රටවල් 10 අතරට ඇතුළත් වීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ඔහු පැවසුවේය.එම රටවල් සියල්ලන්ගේම උද්ධමන අනුපාතය සියයට 50 ට වැඩි බව පැවසෙයි.
එක් මාසයක් සඳහා වසරින් වසර උද්ධමනය සියයට 50 සීමාව පසු කිරීමෙන් අදහස් වන්නේ 2021 වසරේ ජූනි මාසයේ සිට 2022 වසරේ ජූනි මස දක්වා මාස 12 ක කාලය තුළ භාණ්ඩ සහ සේවා මිල සාමාන්‍යයෙන් සියයට 50 කින් වැඩි වී ඇති බව යැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසර සමඟ සසඳන විට රුපියලේ වටිනාකම මාස 12 ක කාලය තුළ හරි අඩකින් පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා 2021 ජූනි මාසයේදී රුපියල් 25,000 මුදලක් වැය කළ පවුලක් එම අවශ්‍යතාම සපුරා ගැනීම සඳහා 2022 ජූනි මාසයේදී රුපියල් 50,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ සාධන රාජ්‍ය ව්‍යුහයට ආයුබෝවන් කියන්න කාලේ හරි. එසේම, වර්ජනම විනා වැඩක් කිරීම කෙරේ සිතන්නේ වත් නැති අපේ වෘත්තීය සමිති කාරයින්, අන්තර් විශ්ව විද්‍යාල කඩාකප්පල් කාරීන් ආදිය මෙල්ල නොකළොත් තවදුරටත් අපි බංකොලොත් වීම වළක්වනු බැරිවේවි. සිරිමල් මහාචාර්යතුමා නිතරම කියන පරිදි පාඩු ලබන සහ රටට බරක් වී ඇති ආයතනවලින් ද නිදහස් වීම පිළිබඳ වත් සිතීමට මේ අලුත් අවස්ථාව උපයෝගී කර ගැනීමට රජය කල්පනා කළොත් රට දිනුම්...
දැන් රට වැසියට බොහොම සතුටුයි...
විශ්ව විද්‍යාල නිදහස් අධ්‍යාපනයේ අවසානය..! චීවරයට කළ අපහාසය... දින සීයේ අරගලෙන් ඩොලර් නැවතුණු සංචාරක පැමිණීම... අරගල දූපතක් බවට ලද නම්බු නාමය... උද්ධමනය 70% තෙක් ඉහළ යන රට...
‘‘අධි උද්ධමන‘‘ කිව්වාම බොහොම ගාම්භීර බවක් හැඟෙනවා වචනයේ...