
( තිළිණි ද සිල්වා )
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නටාල් මහතා පත් කර ඇතැයි එම සමාගම අද නිවේදන කළේය.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කළ බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටී.
ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු වන ඒ මහතා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකමජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇත.
තවද මහතාගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද ගුවන් සේවා කළමනාකරණය, වර්ධනය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම්කරණය, ගුවන් සේවා බෙදා හැරීම සහ විකුණුම් යනක්ෂේත්‍ර කිහිපයකම විහිදී පවතී.
රිචඩ් නටාල් මහතා මහාද්වීප 5ක් පුරා ආයතන රැසක ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන වානිජ නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තනතුරු හොබවා ඇති අතර ඒ මහතා ආයතන තුළ තිරසාර වර්ධනයක් ඇති කිරීමේ සුවිශේෂී වාර්තා තබමින් අත්දැකීම් සම්භාරයක් සතුව ඇති ප්‍රවීණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මැජික්කාරයා ආවත් ඕක ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තියෙන ණය කන්දෙන් නිදහස් වෙන්න ඕනෑ...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස රිචඩ් නටාල් මහතාට කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීම් සහ බලපෑමකින් තොරව ඔහුගේ කණ්ඩායම තෝරාගෙන කටයුතු කිරීමට අවස්ථාව සහ නිදහස ලබදිය යුතුවේ. දේශපාලන මැදිහත්වීම් සිදු වුවහොත් මාධ්‍ය මගින් රටට හෙළිකිරීමට ඔහුට අවස්ථාව ලබාදිය යුතුවේ. කෙසේවෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනවශ්‍ය සේවකයින් ඉවත් කළයුතුවා සේම සහ අනවශ්‍ය යූනියන්ස් මාෆියාවක්ද ක්‍රියාත්මක වේ...
අපරාදෙ මගේ නම නැතිවෙනවා. ඕකෙ ඉන්න 40% අයින් කරන්න ඕන ගෙවීමක් කරලා... නැතිව ඕක ගොඩගන්න බෑ...
ඇයි අනේ පිටින් ගේන්නේ...? අර ඉස්සර හිටිය වික්‍රමසිංහටම ආපහු දුන්නා නම් නියමෙට නග්ගලා ගනීවි...
ශ්‍රී ලන්කන් නැතිවුනේ... රාජපක්ෂ පුද්ගලික පලිගැනීමකට පීටර් හිල්ව අයින්කරලා ගුවන්සේවය තමන්ගේ පුද්ගලික ගුවන්සේවය කරගත්ත දින සිටයි. එදා ඉඳන් ගුවන්සේවය කෑවා...
රාජපක්ෂලා අතගහපු සෑම ආයතනයක්ම කාලා දමලා තියෙන්නෙ. ඒ නිසා කවුරු ආවත් ශ්‍රී ලන්කන් නම් ගොඩ ගන්න මේ කපේදිවත් බැරිවෙයි.
යන්තන් අන්තිමට මොලේ පෑදිලා.. මේක කරන්න තිබුනේ අවුරැදු ගානකට කලින්. දේශපාලන පත්වීම් නැතුව හරිහමන් මිනිස්සු පිටරටකින් හරි ගෙනත් දැම්මනන් මේවා මීට කලින් ගොඩ දාලා. මේ මිනිස්සුන්ට කෝට් 2ක් පඩි දීලා කෝටි 10ක් ඉතුරැකලත් පාඩු නෑ.
හොඳ පියවරක්.
මාසික වැටුප කෝටි කීයද.?
ආයේ ගමනක් ආර්යාවගේ සහෝදරයට බාරදුන්නොත් වැඩේ දෙයි නියමෙට.?
පව් අහිංසක රිචඩ් නටාල් මහතා, මේ කුණු ගොඩට කර ගහලා තමුන්ගේ නමත් කැත කරගෙන ආපහු යන්න වෙන්නේ දේශ මාමක පාදඩ බයියෝ ටික රෙදි උස්සගෙන ආපුවහම. අපරාදේ වෙන වැඩක් කරගෙන හිටියනං ඉවරයි.
මේ මහත්තයා ඉන්නේ මාස හයයි .ඔන්න කිව්වා
එමිරේට්ස් යටතේ ලාභ ලැබූ ආයතනය පෞද්ගලික තරහකට එනම් තමනට අවශ්‍ය තැනකට යානයක් නොඑවීමේ වරදට රාජපක්ෂවරු මෙය පවරා තම මස්සිනා ඇතුලු පවුලේ අය සහ හිතවතුන් දමා කාබාසිනියා කලේය. රාජපක්ෂවරු නතර කල තැනින් යහපාලනය ඇරඹුවේය. ගුවන් යානයක් නුදුටු අය පවා මෙම කරුමයට වාර්ෂිකව තමාගේ පරිප්පු ඇටයෙන් බදු ගෙවනු ලබයි. මෙම තත්ත්වයට පත්කල අයට ශාපවේවා කියනවා හැර කුමක් කියන්නද? දැං ගොඩ ගන්නේ ඇට කටු මිස වෙන කුමක්ද ? මේ මහතා තමාගේ නම රැක ගෙන ආපු අතක් බලා යනවා නම් හොඳයි.