(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2011 සිට 2014 දක්වා කාලයේ ගුවන් යානා මිලදී ගැනීමේදී පාඩු සිදු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක් (රුපියල් කෝටි 20,000ක) වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවැරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය
එයාර් බස් සමාගමෙන් මෙම වන්දි ලබා ගැනිම සඳහා මූලික කටයුතු කර තිබෙන බව ද එම ප්‍රකාශකයා පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ අදාල ගුවන් යානා මිලදි ගැනීමේදී කොමිස් මුදල් ලබාදීමේ සිද්ධිය ඇතුළුව කරුණු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදු වූ පාඩුව වෙනුවෙන් මෙම වන්දි මුදල අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එම ප්‍රකාශකය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි, තවත් කෝටි ගණනකට කෙළවාගන්නයි යන්නේ..
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවට තමයි
පාඩු ලැබුවත් තව ගුවන් යානාවක් ගන්න යනවා කියලා පුවතක් තිබුණ
ඉතුරුවෙලා තියෙන තුට්ටු දෙකටත් තට්ටුවෙන තවත් මෝඩ වැඩක්. නඩුවලට කතාකරන අයටනම් කරල් පැහෙයි.
ඕන් බලපන් මොලේ. කොමිසුත් ගහලා කොමිස් දුන්නා කියලා වන්දිත් ගන්නවා. මෙහෙම කලොත් මේ රට සුඛිත මුදිත කරන්නේ මෙහෙම .