(ගයාන් සූරියආරච්චි)
චීනය ඇතුලූ ලෝකය කැළැඹීමකට ලක්කළ මාරන්තික කොරෝනා වෛරසය ඖෂධ කීපයක් යොදාගෙන මිනිස් සෛලවලට ඇතුලූවීම වැළැක්විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය කනිෂ්ක සෙනතිලක සහ මහාචාර්ය කමනි තෙන්නකොන් යන මහත්ම මහත්මීන්ගේ සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදු කෙරිණි.
ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු පරිගණක මෘදුකාංග යොදා ගෙන සිදුකළ පර්යේෂණයට අනුව දැනට සායනික තත්ත්ව යටතේ භාවිතට ගැනෙන ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ නියමන ආයතනයේ අනුමැතිය ලත් ඖෂධ කීපයක් ආධාරයෙන් වෛරසය නිවාරණය කිරීමට හැකියාව ඇති බව පර්යේෂණ කණ්ඩායමට සොයා ගැනීම හැකිවිය.
ඒ පිළිබඳව අප සිදුකළ විමසීමකදී ආචාර්ය සමරකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘ඉදිරි දින කීපය ඇතුළතදී අප සිදුකළ මෙම නව සොයාගැනීම පිළිබඳව විද්‍යාත්මක ප්‍රජාව වෙත මුදාහැරීමට සූදානමින් සිටිනවා. එමෙන්ම චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ කැමැත්ත ඇත්නම් කොරෝනා රෝගීන්ට සෘජුවම එම ඖෂධය ලබාදී සායනික තත්ත්ව සොයා බලා තහවුරු කරගැනීමටත් අප සූදානමින් සිටිනවා. ලෝකය පුරා ව්‍යාප්තව සිටින විද්‍යාඥයන් කොරෝනා රෝගය වැළැක්වීමට මෙන්ම ආසාදිතයන් සුවපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලමින් ඉන්නවා. ඒ අතරතුර ශ්‍රී ලංකාවට ඒ සඳහා පෙරයිම් ඖෂධ සොයැගැනීමට හැකියාව ලැබීම පිළිබඳව අප සතුටට පත්වෙනවා.’’

ආචාර්ය සමීර ආර්.සමරකෝන් මහාචාර්ය කමනි තෙන්නකෝන් ආචාර්ය කණිෂ්ක සෙනතිලක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ටයි නෝනාවරුනි මහත්වරුනි!!
ඉතාම අගනා සොයාගැනීමක්.
ඔබ සැමට ජයෙන් ජය !
එහෙනම් ඩෙංගු වලට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියා ගෙන්නන්න ඕන නැහැ. තමන්ගේ ගෙදර වහලා කැඩිලා අනුන්ගේ වැටවල් බදින්න යනවා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය ප්රතිලාභ චීන්නුන්ට ලබෙන හැටි කදිමයි.
මෙම නවතම සොයා ගැනීම සමහරවිට 2020 නොබෙල් ත්‍යාගය ලබන්නට වාසනාව ලැබෙවා යැයි පතන අතර ඔබලා සියලු දෙනාටම අපගේ ප්‍රණාමය !
අර පොඩි බේබිට ආචාර්ය උපාධියක් දීපු විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යවරු ටිකක්නේ ඉතින්. ආයිත් අහන්න දෙයක් න. කොරෝනා නම් ටක්කෙටම සුව වෙනවා ඇති.
කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍යපීඨයේ පරපෝෂවේදී අධ්‍යයන හා අණුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය විමලධර්ම අභයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු විනාශ කරන්න වොල්බැකියා බැක්ටීරියාව එන්නත් කළ මදුරුවන් නිර්මාණය කළේ මීට වසර ගණනකට පෙරයි. එහෙනම් ඩෙංගු මේ රටේ තියෙන්න බෑනේ.....මෙතන විද්‍යාඥයන්ගේ ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. සිස්ටම් එකෙයි. ඒක වෙනස් කරන්නයි ඕනේ.
ජනපතිතුමනි, දැන් ඉතින් චීනෙට උදව් කරන්න පුළුවන් බෙහෙත් වලින්ම.
ජනපතිතුමනි, දැන් ඉතින් චීනෙට උදව් කරන්න පුළුවන් බෙහෙත් වලින්ම.
ඔන්න ඔය චීනෙන් ගත්ත ණය ටිකට හිලව් වෙන්න ඕක ඉවරයක් කරලා දාන්න.
මට කණගාටු සමහරු නිදහස් අධ්‍යාපනයයි , ඩෙංගුයි, කොරෝන වයිරසයයි පටලවගතපු එක ගැන සමහර . නොදන්නා අයගේ දැනගැනීම පිණිස මෙන්න මේ ටික ලියනවා 1) ඩෙංගු පාලනයට ලෝකේ නූතන ක්‍රම දෙකයි තියෙන්නේ එකක් මදුරු ගහනය පාලනය ඒ හැරුනාම ඩෙංගු හැදිච්ච රෝගීන් විශිෂ්ට අන්දමින් කළමනා කරණය කරන්න පුළුවන්. එහෙම කරලා ඒ ජීවිත බේරගන්න පුළුවන් ක්‍රම ලංකාවේ රෝහල් වලත් තියනවා. අනික මේ වගේම පරීක්ෂණ යම් බෙහෙත් සම්බන්ධව ඩෙංගු වල පරීක්ෂණය ගැන ජපුර වෛද්‍යය පීඨයේ දැනටත් තියෙනවා. මොන බෙහෙතක්වත් බටහිර වෛද්‍ය විද්‍යාවේ " සායනික පරීක්ෂණ : වලින් තොරව කාටවත් දෙන්න තහනම . මේ පුවත හරියට කියවන්න. උගත් වෛද්‍යවරු ඉල්ලලා තියෙන්නේ චීන රෝගීන් යොදලා තමන්ගේ සොයා ගැනීම ගැන සායනික පරීක්ෂා කරන්න මිසක් තමන් "සොයාගත් " බෙහෙත ලෙඩ්ඩුන්ට දෙන්න නෙමේ. මෙහෙ සායනික පරීක්ෂා කරන්න බැහැ මොකද මෙහෙ ලෙඩ්ඩු නැහැ හිටපු එකම කෙනත් අද චීනේ ට පැටේව්වා.