(මොහොමඩ් ආසික්)

මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරයේදී අද (02) අලුයම සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරිමට යාමේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන එම වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයා පොලිස් සැරයන්වරයකුට ද තුවාල සිදු කර වාහනය රැගෙන ගොස් ඇතැයි අලවතුගොඩ පොලීසිය කියයි.

අකුරණ නගරයේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් අද 02 වනදා අලුයම 3.00 ට පමණ  අකුරණ නගරයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරිම සඳහා නවත්වා ඇති අතර එහිදී වෑන් රථයේ පැති කණ්නාඩියෙන් වාහනයේ ලියකියවිලි පොලීසියට ලබා දෙද්දී එක් වරම රියදුරු අසුනේ සිටි පුද්ගලයා ඉදිරිපස දොරේ වීදුරුව පොලිස් සැරයන්වරයෙකුගේ අතක්ද හසු වන අයුරින් වසා ඉදිරියට ධාවනට කර තිබේ.

මෙහිදි  වෑන් රියේ වීදුරුවට අත හසු වූ පොලිස් සැරයන් වරයාද මිටර් 30 ක් පමණ ඉදිරියට වෑන් රියත් සමඟ ඇදී ගොස් තිබේ. පසුව ඔහු වැටි ඇති අතර වෑන් රථය පලා ගොස් තිබේ.