(අංජුල මහික වීරරත්න)

තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය බාල ගල් අඟුරු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කලින් ආණ්ඩුවලින් තෙල් මිල වැඩි වෙනකොට ඇමතිතුමාට කොමිස් එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අද තෙල් මිල වැඩි වෙලා තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය තමයි බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ වෙච්ච පාඩුවට අද විදුලිය උත්පාදනය කිරීමට වැඩිපුර තෙල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. දවසකට ලීටර් ලක්ෂ ගණනක් දහනය කරන්න ඕන.ඒ වගේම තමයි ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී අරන් තියෙන්නේ මේ රටේ ජනතාවට ඒ පාඩුව ගෙවන්න සිද්ධවෙලා තියෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතාා කීය.

නුගේගොඩ දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.