(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා හරහා සාකච්ඡා ආරම්භ කරන බව කම්කරු අමාත්‍යංශය පවසයි.
දිනකට පැය අටක්වත් නිදාගැනීමේ අවස්ථාව, සතියකට දිනයකවත් විවේකයක්, ගුවන් ගමන් බලපත්‍රය ඇපයට නොගැනීම, ශ්‍රමිකයාට ජංගම දුරථනයක් තබාගැනීමේ අවස්ථාව, ශ්‍රමිකයාගේ නමින් පවතින ගිණුමකට වැටුප බැර කිරීම සහ ශ්‍රමිකයාට සිය ආහාර පිළියෙළ කරගැනීමේ අවස්ථාව වැනි පහසුකම් මෙහිදී ඉල්ලාසිටීමට නියමිතය.
එක්සත් අරාබි එමිර් රාජයට අයත් ඩුබායි, අබුඩාබි සහ සාජාහි, ශ්‍රී ලාංකිකයෝ දහස් සංඛ්‍යාවක් ගෘහ සේවය ඇතුළු සේවයේ නිරතව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වොලී බැස්ටියන්... ආයෙත් ඉපදිලා බොරු බයිලා කියන්න එපා. අපේ තානාපති මුකුත් කරන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම මෙම ඉල්ලීම් ඉතා ඉක්මණින් ඉටුවේවායි! හදවතින්ම පතමි. තම පවුලේ ඇති ආර්ථික අපහසුතා නිසා මැදපෙරදිග විත් අනේක දුක් කම්කටොලු මැද ඉතාමත් අඩුවැටුපකට යන අපේ කන්තාවන්ගේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් ඉතාමත් කඩිනම් වැඩපිලිවෙලක් දැන්වත් ක්‍රියාත්මක විය යුතුයි. යුරෝපයේ සත්වයින්ට පවා මීට වඩා අයිතිවාසිකම් ඇත. අපේ රටේ රැකියා විරහිත කාන්තාවන් තම සුදුසුකම වැඩි දියුණුකොට ඡර්මනිය වැනි රටවල හෙදියන් වැනි රැකියාවල අවස්ථා උපයෝගී කර වැඩි පඩියක් ලබා තම අර්ථිකය ඉතා ඉක්මන් ශක්තිමත් කළ ගත හැකි යයි මම විශ්වාශ කරමි. මේ රටේ මානුෂික අයිතිවාසිකම් වල අගය ඉතා ඉහළ මට්ටමක ඇත. මෘදුකාංග ඉංජිනේරු වැනි IT සුදුසුකම් ඇති අය හිඟයි. ඔවුන්ට වීශාල පඩියක් සහිත සියලු අයිතිවාසිකම් ඡර්මන් පුරවැසියකු හා ලැබේ. මෙම රැකියාවල පුරස්පාඩු පිරවීමට විශාල වශයෙන් ඉන්දිය ඡාතිකයෝ මේ රටට එති. අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග විදින අසීරුතා මම නිතර අසා ඇත. මා අවංකවම දුක් වෙමි.
ඔය සියලු දේ කටාර් වල වැඩකරන අයට ලැබෙනවා...
එතකොට ගෙදර වැඩ කරන්නේ ... බබාද?
ඕවා නොවේ කෙරෙන්න ඕනේ. අසරණ වෙලා ඉන්න මිනිස්සු ටික ලංකාවට ගෙන්වා ගැනීම.
ඔය මොනවා නැතත්, "ශ්‍රමිකයාගේ නමින් පවතින ගිණුමට වැටුප බැර කිරීම" නම් ටක්කෙටම සිදුකරන්න වැඩ කටයුතු කරයි. අම්මා, අප්පාව හරි පිටරටකට විකුණලා සල්ලි ලැබෙනවා නම් ඒ මදැයි නේද? මේ රටේ හොර තක්කඩි පාලකයෝ කවද්ද ජනතාවට සෙතක් වෙන විදිහේ වැඩක් කලේ?