
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුල එකතු කල ඉහලම ආදායම වාර්තා කළ බව රේගුව අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක බදු මුදලක් ඊයේ රැස්කළ බවත් මෙම වසරේ වසරේදී මේ දක්වා කාලයේ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.
මෙම වසරේ (2025 ) රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ඩොලර් සංචිතයෙන් මිලියන් 500 ක් නාස්ති කරගෙන වාහන ගෙනල්ලා ඒවට රුපියල් වලින් බදු ගැහුවම ආදායම වැඩි වෙනවා තමයි. වැඩේ තියෙන්නේ ඒ බදු ආදායම ලැබුනේ ඩොලර් වලින්ද කියන එක. මොකද 2028 දී ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙවෙයි.
මේ සියලු මතවාදීන්ට බරක් වන අසාධාරණ බදු මෙය ලැජ්ජාවකි. ජයග්‍රහණය ප්‍රකාශ කරන්නේ මොනතරම් බංකොලොත් පිරිසක්ද?
පාණ්ඩුව හරි ආඩම්බරෙන් කියනවා අපි බදු එකතු කරා, මෙච්චරක් ර්කොඩ් අරුන් ට මෙම කරන්න බැරි උන නේ ගගා. එත් කියන්නේ නැහැ මේ සල්ලි එකතු කලේ තොපි හූරාගෙන එකතු කරපු සල්ලි කියල. එක කාලයක් තිබ්බ ජවිපෙ අපි බදු ගෙවන්නේ නැහැ කියල. උන්ම අපි තමා ඉතිහාසේ ලොකුම බදු එකතු කරේ කියන එක දෛවයේ සරදමක්