( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ නව අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද (06) පෙරවරුවේ කථානායකවරයා හමුවී ඇත.
මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකා තානාපතිනිය කථානායකවරයා හමුවූ බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුවත් කරන්න ඇති රටේ නියම තත්වය ගැන. හරිනන් මුලින්ම යන්න තිබ්බේ ජනාධිපති නැත්නම් අගමැති හමුවෙන්නයි. මොකද දන්නේ නැහැ කතානායකවරයා මුණ ගැහුනේ? සමහර විට එතුමාගේ ලියමන දකින්න ඇති.
නව ඇමරිකානු තානාපතිනිය ගත් හොඳ තීරණයක් වශයෙන් මෙය සැලකිය හැක. එරට පමණක් නොව ප්රජාතන්ත්රවාදය අගයන සහ සුරකින ලෝකයේ බොහොමයක් රටවල් ශ්‍රී ලංකාවේ දැනට පවතින අසාමාන්‍ය දේශපාලන තත්වය ගැන විමසිල්ලෙන් සිටින බව පේනවා. කෙසේ වෙතත් එය අපේ රටේ අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් ඇඟිලි ගැසීමක් හැටියට නොසැලකිය යුතුය!
මෙවුන් හිතාගෙන ඉන්නේ තවම ලංකාව කියන්නේ ඔවුන්ගේ යටත් විජිතයක් කියල. අපේ කොන්ද පන නැති පතෝල දේශපාලුවෝ දැක්කම ඔවුන් කරේ වාඩිවෙලා ඔලුවට ටොකු අනින්නේ.
පොදුරාජ්‍ය මණ්ඩලයට වහා හැකි ඉක්මනින් මැදිහත් වෙන්න මේ අපේ ඇරයුම් .
මේක අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට කරන මැදිහත් වීමක්. මෙයාලා මෙහෙම කරලා රටවල් කියක් විනාශ කලාද. සුඛෝපබෝගී ජිවිතයක් ගතකරපු ලිබියාවේ මිනිස්සු අද හිගන්නෝ වගේ ජිවත් වෙන්නේ.