(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් රුපියල් 50ක වටිනාකමින් යුත් මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීම තැපැල් මූලස්ථානයේ දී අද (7) සිදුකෙරිණි.

මෙම මුද්දරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා වෙත පිළිගන්වනු ලැබිණි.

මුද්දර සැලසුම් ශිල්පී පොත්පිටියගේ ඉසුරු චතුරංග මහතා විසින් මෙම මුද්දරය නිර්මාණය කර ඇති අතර, එය එළිදැක්වීමේ අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශ ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ සහ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ එල්.ජී.එන් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ගයාන් අමරසේකර