IMG-LOGO

ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තියට මුද්දරයක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් රුපියල් 50ක වටිනාකමින් යුත් මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීම තැපැල් මූලස්ථානයේ දී අද (7) සිදුකෙරිණි.

මෙම මුද්දරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා වෙත පිළිගන්වනු ලැබිණි.

මුද්දර සැලසුම් ශිල්පී පොත්පිටියගේ ඉසුරු චතුරංග මහතා විසින් මෙම මුද්දරය නිර්මාණය කර ඇති අතර, එය එළිදැක්වීමේ අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශ ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ සහ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ එල්.ජී.එන් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (0)

ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තියට මුද්දරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site