
(ටෝනි කරුණානායක )
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 ට ලබා දීමට ගම්පහ මහාධිකරණය අද (07) තීන්දු කලේය .
ගම්පහ මහාධිකරණය මගින් ඊට අදාළ තීන්දුව අද (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරි නිවාඩු ලබා තිබු හෙයින් එම තීන්දුව ලබන 09 වෙනිදාට කල් තැබිණි .
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා පැමිනිල්ල වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර ගම්පහ අංක 01 මහාධිකරණ රෙජිස්ට්‍රාර් ධර්මසිරි මහතා ගේ උපදෙස් මත තෝල්ක මුදලි විසින් තීන්දුව ලබන 09 වෙනිදාට කල් තැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඇප දෙනවා නම් හිරෙ ඉන්න උදවියගෙන් ක් ඇප දීලා යවන්න පුළුවන්. ඒ තරම්ම දූෂිත වැඩ තමයි කළේ.. මෙහෙම දේශපාලකයින්ට කඩෙ ගිය කෙනෙක් මීට කළින් දැකලා නැහැ.
ඇප ලැබීම අනීවාර්යයි. මේව බොරු චෝදනා .
මෙ වාගේ අයට ඇප දෙන්න එපා. ඇතුලේම තියාගන්න. කරපු වැඩවලට....