(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පැය 5හමාරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එම දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා සිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙ.ව. 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර සවස 3.00ට ඉන් පිටත්ව ගොස් ඇත.
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ සිද්ධියට අදාළව අධිකරණයේදී කරුණු අනාවරණය වූ, ලේක් හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සමඟ පැවැත්වූ බව කියන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වීරයෙක් කියලා ඒ දවස්වල සමහර පාඨකයින් මම කියද්දී මම ඔවුන් සමග ගැටුණා. මම දිගින් දිගටම ඇහුවේ ඇයි මෙයා අඩුමගානේ "අනුර සේනානායක" මහත්තයා තරම්වත් සාමාන්‍ය මහජනතාවගේ පරීක්ෂණයකට මැදිහත් නොවෙන්නේ කියලා. මෙයා මැදිහත් වුණු එකම සිවිල් පරීක්ෂණය "සාෆි" ගේ එක විතරයි. මුළුරටම දන්නවා මෙයා කොහොමද අහුවුණු CCTV රෙකෝඩරේ පවා ආපහු "සාෆි"ටම දීලා පරීක්ෂණ යටගැහුවේ කියලා. ඇත්තටම කරන්න තියෙන්නේ මෙයා බොරුවැඩ කරමින් අපේ බදු මුදල්වලින් ලබපු වැටුපත් නැවත රජයට අයකර ගැනීමයි.
පොඩ්ඩක් පරක්කු වුණා නම් මිනිහත් ස්විට්සර්ලන්ඩ්...