( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
එසේම ඇප ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනු කල ප්‍රතිශෝදන පෙත්සම ද එදින සලකා බැලීමටද අධිකරණය නියම කළේය.
මෙම පෙත්සම් මැයි මස 13වැනිදා විභාගයට ගැනීමට මීට පෙර දින නියම කර තිබුණි.
නමුත් මේදිනවල පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් පෙත්සම් විභාගයට ගැනීම 14වැනිදා තෙක් සිදු නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කිරීම නිසා මෙම පෙත්සම් වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා නීතීඥ චමින්ද අතුකෝරල මහතා මගින් මෝසමක් ගොනු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයාව එළියට දාන්න මෙච්චර බය මොකද රජ පවුලේ කෙරුවාව එහෙම දන්න නිසාද?
මේ මනුස්සය නිදහස් කරපල්ලා.