(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්වලට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවද අද (22) අනුමැතිය ලබාදුන්නේය.

ඒ පිළිබඳව එම කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.