
( රංජිත් රාජපක්ෂ)
කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයෙදි වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්රපාතයට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමත් ගත් 5 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහලට අද (02) අලුයම ඇතුලත් කළ බව කොත්මලේ පොලීසිය කියයි්
අද අලුයම 1:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය ගම්පොළ ප්රධාන මාර්ගයේ කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයෙ නාය ගිය ස්ථෘනයට සහ ලංගම බස් රථ අනතුර සිදු වූ ස්ථානයේ ආසන්නයේදීය.
යතුරුපැදි අනතුරක් සම්බන්ධයෙන් තුවාල ලැබූ අයෙක් බැලීමට ගොස් ආපසු කොත්මලේ තවලන්තැන්න දක්වා ආපසු ධාවනය වෙමිත් තිබු වෑන් රථයෙ එකම පවුලේ සිව් දෙනෙකු සහ වෙළද සහයකයෙකු වෑන් රථයේ ගමන් කර ඇති බවත්, වැන් රථය ධාවනය කර ඇත්තේ වෑන් රථයේ අයිතිකරුම බව පොලිසිය පවසයි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd