(කේ. බුද්ධික කුමාරසිරි)
ත්රිරෝද රථ කොල්ලකා අලෙවි කරන කල්ලියක සැකකරුවන් තිදෙනෙකු සොරාගත් ත්රිරෝද රථ 03 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
යුද හමුදාවෙන් පලා ගිය දෙදෙනෙකු ද ඇතුළු කල්ලියක් විසින් දීර්ඝකාලීනව සිදුකළ ත්රිරෝද රථ සොරකම් රැසක් මෙලෙස අනාවරණය කර ගැනීමට කොස්ගම පොලිසියේ අපරාධ විමර්ෂණ අංශ නිලධාරීන් ට හැකි වී ඇත.
පසුගිය මාර්තු 19 වන දින කොස්ගම - කනම්පැල්ල ප්රදේශයේදී සිදු වූ ත්රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය විසින් CCTV ඔස්සේ සිදුකළ විමර්ෂණ වලදී ගනේමුල්ල ප්රදේශයේ තිබී එම ත්රිරෝද රථය සොයාගෙන ඇති අතර , එහිදී සැකකරුවෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.
පසුව එම සැකකරුගෙන් කරන ලද ප්රශ්න කිරීම් වලින් හෙලි වූ කරුණු මත , මීට පෙර සොරකම් කර තිබූ තවත් ත්රිරෝද රථ දෙකක් ද සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd