
(යොහාන් භාසුර)
දුම්රිය සාමාන්යාධිකාරියවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 5 කට ආසන්න ආදායමක් අහිමි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) 'ලංකාදීප'යට පැවසීය.
වර්තමානය වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක සාමාන්‍ය ආදායම රුපියල් කෝටි දෙකකට අධික බවත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කරන කාලයේ එනම් 2022 වසරේදී පමණ දිනක ආදායම රුපියල් කෝටි තුනකට ආසන්න වූ බවත් එම උසස් නිලධාරියා කීය.
දුම්රිය වෘත්තිය සමිතිය 29 ක් එකතුව පසුගිය 16 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අද (18) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ බවත් එම වැඩ වර්ජනය අවස්ථාවේදී දුම්රිය ස්ථානවලින් සියයට 99 කම ප්‍රවේශපත් ඉකුත් නොකළ අතර ප්‍රවාහනය සඳහා භාණ්ඩ සහ පාර්සල් ද භාරගැනීම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළුව දුම්රිය ස්ථාන රැසක් අත්හිටුවා තිබූ බවත් එම නිලධාරියා කීය.
තවද ඉන්ධන ප්‍රවාහනය ඇතුළු සෙසු ප්‍රවාහන කටයුතු ද එම කාලය තුළ අත්හිටුවා තිබූ බව කී එම නිලධාරියා පැවසුවේ ප්‍රවේශපත් නිකුත් නොකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවූ බත්ය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, දුම්රිය ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ මහතාගේ මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වූ ආදායම පිළිබඳව මෙතෙක් ගණනය කිරීමක් කර නොමැති බවත් එම තොරතුරු ලබන සඳුදා දිනයේ නිකුත් කිරීමේ හැකියාවක් ඇති බවත්ය.
දුම්රිය වැඩවර්ජනය පැවති අවස්ථාවේදී අහිමිවන ආදායම පිළිබඳ අවධානයක් යොමු නොකළ බව කී අසංක සමරසිංහ මහතා එම කාලය තුළ ජනතාව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කළ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd