(යොහාන් භාසුර)

වාහන අංක තහඩු තුන්ලක්‍ෂදසදහසක පමණ ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ඇති බවත් ගොඩගැසී ඇති අංක තහඩු මුද්‍රණයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා අද (9) පැවසීය.

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා එසේ පැවසීය.  

එම යෝජනාවට අනුමැතිය ලැබුණු පසු එම ආයතනය සේවා මුර දෙකක් හෝ වැඩ කර මාස හයක පමණ කාලය තුළ සියලුම දෙනාට අංක තහඩු නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා කීය.

මෙම වසරේ මාර්තු මස 10 වැනිදායි පසුව ලියාපදිංචි කළ වාහන 62,000 කට ආසන්න සංඛ්‍යාවක අංක තහඩු මුද්‍රණය කර ඇති අතර ඒවා මහජනතාවට රැගෙන යන ලෙස දැනුවත් කර ඇති අතර ඊට අමතරව 2023 සහ 2024 වසරවලට අදාල අංක තහඩු 32,000 ක් පමණ එම දෙපාර්තමේන්තුව සතුව ඇති බවත් ඒ මහතා පැවසීය.

ඊට අමතරව 2025 වසරට අදාල අංක තහඩු මුද්‍රණය කිරීමට නව ගිසිවුමක් අත්සන් කරන බව කී ඒ මහතා ඉදිරි මාස හය තුළ සියලුම අංක තහඩු යාවත්කාලීන කර ඉන් ඉදිරියට ලියාපදිචි කරන ඕනෑම වාහනයකට ලියාපදිංචි කළ දින සිට දින අටක් වගේ කාලයක් තුළ අංක තහඩුව නිකුත් කිරරීමට බලාපොරොතත්ු වන බව ද සඳහන් කළේය.