IMG-LOGO

වෙළේ වැටි මියගියැයි සිතුවත් සිහිය තිබිලා

(ප්‍රසන්න පත්මසිරි)

යතුරු පැදිය අනතුරට ලක්ව බරපතල තුවාල ලබා සිහිසුන්ව  හාලිඇල-බණ්ඩාරවෙළ  මාර්ගයේ උඩුවර වෙළට වැටී සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙක් අනතුර සිදුව පැය කීපයකට පසු පොලිසිය විසින් රෝහල්ගත කරනු ලැබීය.

හාලිඇල-බණ්ඩාරවෙළ  මාර්ගයේ යතුරුපැදියෙන් ගගමන් කරද්දී  උඩුවර වෙල්යාය ප්‍රදේශයේදී බල්ලකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරින් පසු සිහිසුන්ව සිට යුද හමුදා කෝප්රල්වරයා  මිය ගිය බවට සැක කළ ප්‍රදේශවාසීන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර නැත.

අනතුරින් පැය කිපයකට පසුව එම ස්ථානයට පැමිණි හාලිඇල පොලිස් නිළධාරීන් තුවාලකරු ගැන විපරම් කිරීමේදී සිහිය ඇති බවට අවබෝධවීමත් සමග  තුවාලකරු බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. 

දියතලාව යුද හමුදා කදවුරේ සේවය කරන මෙම කෝප්‍රල්වරයා අද පෙරවරු 6.00 පමණ මෙම අනතුරට ලක්ව ඇත.

 



අදහස් (5)

වෙළේ වැටි මියගියැයි සිතුවත් සිහිය තිබිලා

fairoos Wednesday, 19 January 2022 12:51 PM

උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න කවුරුවත් කැමැති නැහැ දැන්...

:       9       8

Prabha Wednesday, 19 January 2022 02:18 PM

සමහරු කැමැති අනතුරක් වූ ගමන් වාහන කුඩු කරන්න...

:       0       6

චන්දනWednesday, 19 January 2022 02:29 PM

මේ කතාව ඇත්ත. මොකද කියනවා නම් අනතුරකට පත්වූ කෙනා රෝහල් ගතකරනවිට රෝගියාගෙන් පමණක් නොවෙයි ගෙනගිය කෙනාගෙනුත් ප්‍රශ්න කරන්නේ මිනිහෙක් මරලා ගියා වගේමයි. ඉතින් කවුද මෙහෙම වෙලාවට උදව් කරන්නේ. කොහොම වුණත් බල්ලා අයිතිකරු මෙයට වග කිවයුතුයි. බොහෝ දෙනෙක් බල්ලන් හැදුවාට උගෙන් මාර්ගයේ යන අයට වෙන හානිය ගැන බලන්නේ නැහැ. ඒ නිසා බල්ලන් එන්නත් කිරීමට අමතරව උගෙන් සිදුවන අනතුරු ගැනත් යම් ප්‍රතිකර්මයක් යෙදිය යුතුයි.

:       3       16

shantha - Qatar Wednesday, 19 January 2022 05:57 PM

චන්දන මහතාගේ අදහසේ පළමු කාණ්ඩය එකහෙළා අගය කරනවා. නමුත් පාරේ යන බල්ලන්ට අයිතිකාරයෝ ඉන්නවාද කියන එක නම් ප්‍රශ්නයක්... දඩාවතේ යන බල්ලන් ඕනෑ තරම් පාරවල්වල ඉන්නවා. ඉතින් අපිත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනෑ... විශේෂයෙන්ම මෝටර් සයිකල් පදින අය..

:       0       0

SiriWednesday, 19 January 2022 11:57 PM

සියලුම දඩාවතේ යන බල්ලන් අල්ලා විනාශ කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site