(නිමල කොඩිතුවක්කු)
රට පත්ව ඇති ආර්ථික හා දේශපාලන අර්බුදයට විසදුම් සෙවීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.
රටේ ප්‍රශ්ණ දවසින් දවස වැඩිවෙමින් තිබියදී පාර්ලිමේන්තුව වසා දැමීම වෙනුවට පාර්ලිමේන්තුවේ වාර ගාන වැඩි කර විසදුම් සෙවීමට රජය කටයුතු කළ යුතුව ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව වාර අවසාන කර රටේ ප්‍රශ්ණ ජනතාවගෙන් වසන් කළ නොහැකි බවත් මේ සතිය තුළ වහාම පාර්ලිමේන්තුව කැඳවා ජනතා ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු පැවසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඇල්ල..., පාර්ලිමේන්තුව කැඳවපු පලියට රටේ ප්‍රශ්න විසඳෙනවා නම්, අද මේ රටේ ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ... !!!
සර් ෆේල්... මොනවා කරත් වැඩක් වෙන්නේ නැහැ...
කයියක් ගහගෙන පාර්ලිමේන්තුවේ ගෑස් ප්‍රශ්න එළවලු මිල ප්‍රශ්න නැති හින්ද වෙන්න ඇති පිං බත් ගිල ගිල ඉන්න පුළුවන්නේ ,නැත්නම් මෙච්චර කල් කොරලත් මොකෝ මේක සුකිත් මුදිත වෙලා තිබ්බ යෑ.
ඔය කියන පාර්ලිමේන්තුව රටේ ප්‍රශ්න ව්සඳුවෙ කවද්ද ඔගොල්ලන්ගෙ ප්‍රශ්න ව්සදුව මිස, ඕක වහලම තියන්න.
රටේ ප්‍රශ්න නැතිව හොඳින් තිබුණේ පහුගිය කාලේ පාර්ලිමේන්තුව නැතිව තිබුණු දවස්වල... ඕක තියෙනකම් ප්‍රශ්න වැඩි මිසක් අඩුවක් නැහැ...
ඇයි පිස්සු කරන්නද? ඕක ඇරියයි කියලා ඇති සෙතක් නෑ. සල්ලි නාස්තිය විතරයි.
පාර්ලිමේන්තුව කැඳවුවාම ප්‍රශ්න විසදෙන්නේ කොහොමද, ඩොලර් ලැබුනොත් ප්‍රශ්න විසන්ඳෙයි. මේගොල්ලන්ට හොයන්න බැරි ඩොලර් ඔහෙලා කොහෙන් හොයන්නද?