
( සුමිත් ප්‍රේමතිලක)
කළුතර උතුර ගාලුපාරේ අද දහවල් බස් රථයක් වෑන් රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී රිය අනතුරක් සිදුව ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි.
ගාලු දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් බස් රථයක් , ගාලුපාරේ දූපත් කොටසේ ඇති කොන්ක්‍රීට් කණුවක ගැටී පාලනය කර ගත නොහැකිව , දිවා ආහාරය සඳහා පුද්ගලයින් පිරිසක් පැමිණ හෝටලයක් අසල නතර කර තිබූ, වෑන් රථ දෙකක සහ යතුරු පැදියකද ගැටී අසල ඇති විදුලි කණුවකද ගැටී නතර වී තිබේ.
බස් රථයේ ගැටනු වෑන් රථයක් අසල ඇති ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළඳ සැලක යකඩ ගේට්ටුව ද ගලවාගෙන එම වෙළෙඳ සැල තුලට කඩා වැදී තිබේ.
බස් රථයේ ගමන් ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. බස් රථයට ,වෑන් රථ දෙකට බරපතළ හානි. යතුරු පැදියට තරමක් හානි. විදුලි කණුවක් දෙකට ගැටී තිබේ .
බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බස් රථයක් වාහන 3ක ගැටේ" කියා කීම වඩා ඔබිනවා.