(යොහාන් භාසුර)
වාහන එංජින්වලට භාවිතා කරන ආනයනික ලිහිසි තෙල් සහ අමතර කොටස්වල මිල සියයට 20 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යෑම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාහන හිමිකරුවන් සහ කාර්මිකයෝ පවසති.
මීට මාස කීපයකට පෙර ලීටරයක් රුපියල් 7200 ක් වූ ආනයනික ලිහිසි තෙල් ලීටරයක් මේ වන විට රුපියල් 8600 ක් බවට පත්ව ඇති බවත් මෙම තත්වය හමුවේ බොහෝ වාහන හිමියන් වාහන යථාවත්කිරීම ප්‍රමාද කර ඇති බවත් වාහන කාර්මිකයෝ කියති.
තවද වෙළෙඳපොලේ තිබෙන වාහන අමතර කොටස් වාහන හිමියන්ට දැරිය නොහැකි ලෙස මිල ඉහළ දමා ඇති බව කියන වාහන කාර්මිකයෝ නැවත පාවිච්චි කළ හැකි අමතර කොටස් ද මිල ඉහළ දමා ඇති බවත් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂයට නම් මේක වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. මොකද එයාලාව බඳින කරත්තවල අමතර කොටස් මිලේ වෙනසක් නැහැනේ...