IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘වාහන මිල ආයේ අඩු වෙන එකක් නෑ‘‘

(යොහාන් භාසුර)

රජය කිසියම් දිනක වාහන ආනයනය ආරම්භ කළ ද මේ වන විට ඉහළ ගොස් ඇති වාහන මිල අඩු නොවනු ඇති බවත් වාහන ආනයනය අත්හිටුවීම නිසා වාහන ව්‍යාපාරකයින් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

භාණ්ඩයක් හිඟ වන විට මිල වැඩි වන්නේ යැයි කියන න්‍යාය වාහනවලට මේ වන විට බලපා ඇති අතරම රුපියල අවප්‍රමාණය වීම සහ උද්ධමනය ඉහළ යෑම වාහන මිල අධික ලෙස ඉහළ යෑමට හේතු වී ඇති බවත් වාහන ආනයන කළ ද මෙම තත්වයෙන් ගැලවීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවත් සම්පත් මෙරෙන්චිගේ මහතා කීය.

වාහන ආනයනය රජය 2020 වසරේ මාර්තු මස අත්හිවුවීමේ සිට වාහන ව්‍යාපාරිකයන් බැංකු ණය සහ වෙනත් වියදම් ව්‍යාපාරවල ප්‍රාග්ධන අරමුදල්වලින් පියවමින් සිටින බව කී සම්පත් මහතා ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියා කළ බොහෝ පිරිසකගේ රැකියා අහිමිවී ඇති බව ද සඳහන් කළේය.

රටට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඉන්ධන, ගෑස් වැනි දේවල් ආනයන සඳහා ද ඩොලර් නොමැති තත්වයක් තුළ වාහන ආනයනය කළ නොහැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

සියලුම පාවිච්චි කළ ජපන් වාහන මේ වන විට පැවැති මිල මෙන් එකට එකකින් ඉහළ ගොස් ඇති අතර ඉන්දියන් වාහන ද ලක්‍ෂ කීපයකින් මිල ඉහළ ගොස් තිබේ.



අදහස් (9)

‘‘වාහන මිල ආයේ අඩු වෙන එකක් නෑ‘‘

fairoos Wednesday, 02 February 2022 03:10 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තියෙනකම් ලංකාවට අබ සරණයි... කිසිම සෙතක් නැහැ. මේ වැඩබැරි ටාසන්ලා තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාව දියුණු වෙන්නේ....

:       87       325

naradaWednesday, 02 February 2022 05:18 PM

වාහන ආනයනය කරන්නට ඔයා ඩොලර් හොයලා දෙනවාද?

:       225       55

Alfread de CostaWednesday, 02 February 2022 08:50 PM

මෙයාලගේ කට්ටිය තමයි උණ්ඩියල් බිස්නස් එකෙන් රටට එන්න තියෙන එකත් නැති කරලා, තියෙන ඩොලර් ටිකත් රට පටවන්නේ... මේ ළඟදීත් දෙන්නෙක් මාට්‍ටු වුනේ මේ ජාතියේ අය තමයි. පුදුම ආදරයක් ඒ වුණාට රටට තියෙන්නේ...

:       4       8

AkilaFriday, 04 February 2022 09:58 AM

ලැබෙන ඩොලර් වලින්, අර නාස්තිකාර වැඩවලට ගත්තු ණයටික ගෙවන්න වෙලා තියන හින්දා දැන් ඩොලර් නැහැ වෙන දේවල් කරන්න..

:       1       0

amila Wednesday, 02 February 2022 04:46 PM

මොනවා කරන්නත් රුපියල පා කරලා ඉන්න ඕනෑ.. ඊට පස්සේ පිටරට ඉන්න මිනිස්සුන්ට සහන දීලා වැඩියෙන් ඩොලර් ගෙන්න ගන්න ඕනෑ.. මේ තත්වය ඉක්මණින් යථා තත්වයට පත්කරන්න පුළුවන්. මේක වහගෙන ඉන්නකම් රටට සෙතක් නෑ..

:       47       216

SenadeeraWednesday, 02 February 2022 08:48 PM

රුපියල පා කළාම වැඩිවෙන ආනයන වියදමටයි, ණය බරටයි මොකද වෙන්නේ? තමන්ගේ මඩිය තරවෙන එක ගැන විතරක් හිතන්නේ නැතුව රටට වෙන්නේ මොකද්ද කියලා හිතන්න පුරුදු වෙන්න...

:       87       7

AkilaFriday, 04 February 2022 10:03 AM

මේ ගොල්ලන්ට හරි අසාධාරණයක් වෙලා වගේ නාහෙන් අඬන්නේ... එහෙම කෙරුවොත් රටේ ඉන්න බහුතරයක් අමාරුවේ වැටෙනවා කියලා හිතන්න කැමති නැහැ. දැන් බැරිවෙලාවත් රුපියල ශක්තිමත් වෙලා ඩොලර් එක 150 වගේ වුණොත් එතකොට මොකද කරන්නේ? අතේ තියන ඩොලර් ටික ගිලිනවාද?

:       0       1

de silva Wednesday, 02 February 2022 04:57 PM

වැඩ බැරි? හොරකම් කරන්න නම් ලෝකෙම අංක 01...

:       38       192

Rohana Wednesday, 02 February 2022 07:00 PM

විදේශ විනිමය තියෙන වෙලාවට අතදිග ඇරලා වියදම් කිරීමේ සහ ඵලදායි නොවන ව්‍යාපෘතිවලට ද්විපාර්ශික ගිවිසුම් මගින් අධික පොළියට විදේශ ණය ගැනීමත් අපනයන අංශය නගාසිටුවීමට වුවමනාවක් නැතිකම වැනි ආර්ථික ප්‍රතිපත්ති නිසා ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට විදේශ විනිමයක් ඉතිරි වී නොමැතිකම මේ අර්බුදවලට හේතුවයි.

:       1       227

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site