(යොහාන් භාසුර)

රට තුළට විදේශ විනිමය සාමාන්‍ය පරිදි ලැබීම ආරම්භ වීමෙන් පසුව නැවත වාහන ආනයනය කිරීමට අවසරදීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (12) පැවසීය.

වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කරන බව කී මහ බැංකුවේ අධිපතිවරයා ඒ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බව ද සඳහන් කළේය.

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් නැවත ලැබෙන සංචාරක කර්මාන්තය වැනි කර්මානත යථාතත්වයට පත්වීමෙන් පසුව ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන ස්ථාවර බව හරහා යළි රථවාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදිය හැකියාවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීය.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.